මානව හිමිකම් කොමිසම විවේචනය කලාට : සිරිසේනට කොමිසමෙන් සැර ප්‍රතිචාරක් !

මානව හිමිකම් කොමිසම විවේචනය කලාට : සිරිසේනට කොමිසමෙන් සැර ප්‍රතිචාරක් !

ජනාධිපති සිරිසේන ඉකුත් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී මානවහිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව මානවහිමිකම් කොමිෂන් සභාව ලිපියක් මගින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මානවහිමිකම් කොමිෂන් සභාවේ ප්‍රමාදය නිසා මාලි රාජ්‍යයේ ස්ථානගත කර සිටි භට පිරිස් නැවත ලංකාවට ගෙන ඒමට ප්‍රමාද වූයේ යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කිසිසේම නිවැරදි නොවන බවත් , එම ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරන බවත් එහි දක්වා ඇත.

එමෙන්ම එම නිලධාරීන්ගේ ජීවිත අහිමිවීම පිළිබඳව මානවහිමිකම් කොමිෂන් සභාව වෙත පැවරීමෙන් ඔවුන් ඉමහත් කම්පනයට පත්ව ඇතැයිද එහි සඳහන්ය.

එවැනි සිදුවීම් රැසක් පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මානවහිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.

ජනාධිපති සිරිසේන වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යොමුකළ ලිපිය පහත දැක්වෙන අතර එහි සිදුකර ඇති කරුණු පැහැදිලි කිරීම අනූව එක්කෝ ජනාධිපති සිරිසේන වෙත මානව හිමිකම් කොමිසමට අදාල විවේචනය සම්බන්ධව උපදෙස් ලබාදී ඇති පාර්ශවය ජනාධිපතිව නොමග යවා ඇත. නැත්නම් ජනාධිපති සිරිසේන මේ වන විට මානව හිමිකම් කොමිසමේ ස්වාධීන හැසිරීමට එරෙහි ස්ථාවරයක සිටින බව හෝ කොමිසමේ මූලික කටයුතු සම්බන්ධව හරිහැටි නොදන්නා බවක් පෙනෙන්නට ඇත.

manawa himikam letter 650

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න