මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන නැති බව එම පෙරමුණ පවසයි.
එහි නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිරස රූපවාහිනිය හා අදහස් පල කරමින් මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන නැතැයි ද ඔහු අවධාරණය කර සිටියේය.
වීඩියෝ
පොහොට්‌ටුවේ මංගල රැලිය අද : මහින්දත් එයි
කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවසුයේ, පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන පළමු රැලිය අද (06 වැනිදා) කඩවතදී පැවැත්වෙන අතර මෙම රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද සහභාගි වන බවයි.
එක් දිස්‌ත්‍රික්‌කයකට ප්‍රධාන රැලි දෙක බැගින් සංවිධානය කර තිබෙන බවද ඔහු කියා සිටියේය.
මේ යටතේ හෙට 07 වැනිදා පුත්තලම සහ 13 වැනිදා ඇහැලියගොඩ යන ප්‍රදේශවල ද රැලි සංවිධානය කර ඇත.
මෙම සියලුම රැස්‌වීම් සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද එක්‌වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
