සිරසේ පැතිකඩ වැඩසටහන ගැන එජාපයෙන් පැමිණිල්ලක්

සිරසේ පැතිකඩ වැඩසටහන ගැන එජාපයෙන් පැමිණිල්ලක්

විද්‍යුත් නාලිකාවක විකාශය වූ පැතිකඩ නම් වැඩසටහන මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ එම පක්ෂය අපකීර්තියට පත්කිරීමේ ද්වේශසහගත අරමුණෙන් යුතු කිසිඳු සාධාරණ පදනමකින්තොර එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයට ලැබීමට නියමිත ජන්ද ද්වේශසහගතව වැළක්වීමේ අරමුණින් විකාශය කරනු ලැබූ බව එම පක්ෂය නිවේදනය කරයි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෙත යොමුකළ නිවේදනයක ඒ බව සඳහන්ව ඇත.

එසේම එකී වැඩසටහන 2017 -12-04 දිනැති අංක 2048/1 දරන මැතිවරණ කොමිසම විසින් ප්‍රසිද්ධ කල අති විශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇති උපමාන වල අන්තර් ගත අංක 1,2 දරන උපමානයන්ට පටහැනි බවද එහි සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර විසින් නිකුත් කල පැමිණිල්ල පහත දැක්වේ.

IMG 7738

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න