ශ්‍රීලංකා මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සතුවූ ප්‍රාථමික ගනුදෙනුකරුවෙක් ලෙසින් වන බලපත්‍රය අත්හිටුවීම තවත් මාස 6ක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්ව තිබීමත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මීට මාස හයකට පෙර අත්හිටවූ අතර එම අත්හිටුවීම අවසන්වීමට තිබුණේ ජනවාරි 06 වනදායින්ය.
මීට පෙර මාධ්‍ය සිදුකළ කරුණු විමසීමකදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද මේ පිළිබඳ අදහස් දක්වා තිබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ 2017 ජූලි 06 වනදා සිට මාස 6ක් බලපැවැත්වෙන ලෙස අත්හිටුවා තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය පිළිබඳ තීරණය ජනවාරි 06 ට පෙර මුදල් මණ්ඩලය රැස්වී තීන්දු කරනු ඇති බවය.

