ශ්‍රිලනිප 2ක් ඇතුළු 6කට එජාපයේ ආසන සංවිධායක ධූර !

ශ්‍රිලනිප 2ක් ඇතුළු 6කට එජාපයේ ආසන සංවිධායක ධූර !

එක්සත් ජාතික පක්ෂය සදහා නව ආසන සංවිධායකවරුන් හය දෙනෙකු පත් කර තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකුද වෙයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ අද(11) පැවති උත්සවයකදී මෙම නව අසාන සංවිධායක ධුර පිරිනමනු ලැබීය.

ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලෙසත් පලාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මීගමුව ආසන සංවිධායක ලෙසත් ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක දඹදෙනිය ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.

තවද මංජුල බණ්ඩාර වාරියපොල ආසන සංවිධායක ලෙසත් උදය විජේනායක හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කර ඇත.

මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් සහභාගීව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න