රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීමෙන් මැතිවරණ නීති අවධානමේ

රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීමෙන් මැතිවරණ නීති අවධානමේ

රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීම හමුවේ මැතිවරණ නීති උල්ලංඝණය වීමේ අවධානමක් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හී මැතිවරණ නිරීක්ෂණ ඒකකය වන පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන සඳහන් කරයි.

ඒ බව පෙන්වා දෙමින් එම ආයතනය සඳහන් කර සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර ඇති රෙගුලාසිවලට අනුව අදාළ විවෘත කිරීම සිදුකිරීම රජයේ වගකීමක් වන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාවට අනුව 2017 නොවැම්බර් 28 වනදා මැතිවරණ කොමිසමේ සභාපතිගේ අත්සනින් යුතුව නිකුත් කළ අංක LEA/2018/4 B චක්‍රලේඛයේ රෙගුලාසිවලට අනුව සංවර්ධන ව්‍යාපෘති මැතිවරණ ව්‍යාපාර ප්‍රවර්ධනයට භාවිතා නොකළ යුතුය. ඊට අනුව පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන පෙබරවාරි 10 වනදා ට පෙර රාජගිරිය ගුවන් පාලම විවෘත කරනවා නම් එම උත්සවය දේශපාලඥයින්ගේ සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් තොරව සිදුවිය යුතුව තිබේ.

කෙසේ වුවත් පසුගියදා පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිදහස් දින උත්සවයේ මෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියළු පක්ෂ සඳහා ආරාධනා කොට සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම ගැටළුවක් නොවන බවත් නමුත් එහිදී එක් හෝ පක්ෂ දෙකක සැරසිලි ආදිය සිදුකිරීම වැරදි බව සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න