දින තුනක සිට වර්ජනයේ නිරතව සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයට නුගේගොඩ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එන.එස්.ඒ. සේනාරත්න සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට පසුගිය 05 වනදා නිකුත් කර ඇති එම වාරණ නියෝගයේ සඳහන්ව ඇත්තේ වැඩ වර්ජනය අත්හිටුවන ලෙසයි.
මේ අයුරින් ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වර්ජනයේ නිරතව සිටින්නේ රෝහල් පරිපාලනය විසින් හෙද හෙදියන්ගේ පැමිණීම සහ පිටවීම සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍රයක් හඳුන්වාදීමේ තීරණයට විරෝධය පළකරමින්.
මේ අතර රාජ්‍ය සේවා එක්සාත් හෙද සංගමයද ජ’පුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ වර්ජනයට සහය පළකර සිටින අතර ඔවුන් නිවේදනය කර සිටින්නේ හෙද හෙදියන් මුහුණදෙන දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ ඇඟිලි සලකුණු යන්ත්‍රය හඳුන්වාදීමේ තීරණය වෙනස් කිරීම සඳහා රෝහල් පරිපාලනය ක්‍රියා කල යුතු බවත් එසේ නොකළහොත් ඊට එරෙහිව දීප ව්‍යාප්ත හෙද වර්ජනයක් කැඳවන බවය.
සබැඳි පුවත්
ඇඟිලි සලකුණට එරෙහිව හෙද හෙදියන් සටනකඇඟිලි සලකුණට එරෙහිව හෙද හෙදියන් සටනක

