සිරිසේන රකින්න විපක්ෂනායක මහින්දගෙන් පිළිතුරක් !

සිරිසේන රකින්න විපක්ෂනායක මහින්දගෙන් පිළිතුරක් !

ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම අධිකරණය විවේචනය කිරීමක් හෝ හෑල්ලුවට ලක්කිරීමක් නොවන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

විපක්ෂනායක වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කල නිවේදනයක මේ බව සඳහන් වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇති බවද එහි සඳහන් කර ඇත.

වර්ථමානයේ රට තුළ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පස්වන විධායක ජනාධිපති සහ විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ ඊයේ (14) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමක් අවසානයේ මේ පැවසු බවද එහි දැක්වේ.

කෙසේ වුවත් පසුගියදා ව්‍යවස්ථාදායක සහාව විවේචනය කර සිටියේ ජනාධිපති සිරිසේන විසින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න