ජනතාවට අවශ්‍ය ආදායම් උපදවන සංවර්ධනයක් - පාඨලී

ජනතාවට අවශ්‍ය ආදායම් උපදවන සංවර්ධනයක් - පාඨලී

ආදායම් උපදවන සංවර්ධනයක් රටේ ජනතාවට අවශ්‍යව ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ අද(14) දින මිලියනයක් ශාඛ සිටුවීමේ දීප ව්‍යාප්ත සහසක් තුරු වැඩසටහනේ කලූතර දිස්ත‍්‍රික් වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව විමසූ අවස්ථාවේදී ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

වර්තමාන දේශපාලන තත්වය ගත්තොත් ප‍්‍රධාන වශයෙන්ම අයවැය එන්න නියමිතයි. මාර්තු 5 වෙනිදාට. ඒ අයවැයේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි රුපියලක් සංවර්ධනයට වියදම් කරන කොට රුපියල් 3 ක් ණය ගෙවන්න සිදුවෙලා තිබෙනවා. ඒකට ප‍්‍රධානම ප‍්‍රශ්නය 2004 ඉඳන් අපි සහන ණය නෙමෙයි අරන් තියෙන්නේ වාණිජ ණය. වාණිජ ණය කියන්නේ පොලිය වැඩියි. ඒ වගේම එම ණය ඉක්මනට ගෙවන්න ඕනේ. මේ විශාල ණය බර ගැටලූවට අපට ඉස්සරහ අවුරුදු තුන හතරෙත් මේ රටට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අනාගතයෙත් අපි ආදායම් උපදවන දේවල්වලට දැන් කෙරෙන ආයෝජනය හරි කළේ නැත්නම් රටේ ජනතාවගේ බදු බර තවත් නැංවෙලා විශාල ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ බරවා කකුලත් ඇදගෙන තමයි ආණ්ඩුවට සංවර්ධනය කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා අනාගතයේදී ජනප‍්‍රිය සටන් පාඨ,නිකන් අපි අරවා මේවා දෙනවා කියන සටන් පාඨවලට රට ගෙනයන්න බැහැ. ආදායම් උපදවන සංවර්ධනයක් අපේ ජනතාවට අවශ්‍යයි. ජනතාවගේ බදු බර ලිහිල් කරලා ආර්ථිකය ඉදිරියට ගෙනයන්න.

ඊ ළඟට ඉදිරි කාලයේ මැතිවරණ පැවැත්වෙනවා, පළාත් සභා මැතිවරණය පිළිබඳව පක්ෂ අතර එකඟතාවයක් ආවොත් පළාත් සභා මැතිවරණය පවත්වන්න පුලූවන්. අපේ නම් ස්ථාවරය පළාත් සභා මැතිවරණය සියල්ලම එකට තැබිය යුතුයි. මොකද අපේ‍්‍රල් මාසයේ බස්නාිහර පළාත් සභාව, දකුණු පළාත් සභාව විසිරෙනවා. ඒ වගේම සැප්තැම්බර් වන විට ඌව පළාත් සභාව විසිරෙනවා. එතකොට මේවා නිකන් කොටසින් කොටස කරන්න උනේ ඒ කාලේ යුධමය වාතාවරණයක් තිබිච්ච නිසා. දැන් එහෙම ප‍්‍රශ්නයක් නැහැ. පළාත් සභා සියල්ලම දැන් හයක් විසිරිලා ගිහිල්ලා අවුරුදු එකහාමාරක් විතර වෙනවා. ඒ නිසා පළාත් සභා නමයේම මැතිවරණ එකට පැවැත්විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. ඒකට පක්ෂ එකඟතාවය ඇති කර ගන්න ඕනේ. ඊ ළඟට ජනාධිපතිවරණය එනවා. ඒක මේ වසරේ අගභාගයේ ඔක්තොම්බර් 6 වෙනිදායින් පසුව පැවැත්වෙයි.

මේ රටේ අපරාධ කරලා කට්ටිය පැනල ගිහින් පිටරටවල්වල හැංගිලා ඉන්නවා. මාකඳුරේ මධූෂ් විතරක් නෙමෙයි, උදයංග වීරතුංග,අර්ජුන මහේන්ද්‍රන් වගේම ජාලිය වික‍්‍රමසූරිය වැනි අය ඉන්නවා. ජාලියට නඩු පවරලා තිබෙනවා. ඒ වගේම උදයංග වීරතුංග ගෙන ආ යුතුයි. ඇයි උදයංග වීරතුංග මහත්මයා ගෝඨාභය මහත්මයත් සමග එකතු වෙලා මේ රටට ගුවන් හමුදාවට මිග් යානා ගෙන එනවා කියලා ඩොලර් මිලියන 7 කට වැඩි බරපතල වංචා මුදලක් තමන්ගේ රහසිගත ගිණුමක තැන්පත් කරගෙන ඉන්නවා විදේශ රටවල්වල. මේ රටේ ගුවන් හමුදාවට කළ ඒ අපරාධවලට ඔහුව අත්අඩංගුවට ගෙන ආයුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාගේ තත්වය කවුරුත් දන්නවා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ බෑණා හිරේ ගියාට ඔහුව ගෙන්නා ගන්න බැරි උනා. ඒ නිසා රජය ඒ පිළිබඳව කි‍්‍රයා කළ යුතුයි. ඒ වගේ මේ රටේ අපරාධ කර ඔවුන්ගේ සහන භූමි හැටියට ඩුබායි හරි සිංගප්පූරු හරි වෙනත් රටක් එක්ක හරි අපි ඉක්මනකටම උදර්පන නීති ඇති කර මේ පිරිස ගෙන ආ යුතුයි. ඇත්තටම අපි දන්නේ නැහැ මේ සමාජයේ ඉතාමත් වැදගත් හොඳ මිනිසුන් හැටියට පෙනී සිටින රජයේ නිලධාරීන්. දේශපාලකයින් ඒ වගේම ඇතැම් ව්‍යාපාරිකයන්,කලාකාරයින් කියන අයත් ඇත්තටම කරගෙන යන්නේ වෙනස් දේවල්. ඒවා ඇත්තටම අපි දන්නෙත් නැහැ. පොලීසියේ වගකීමක්, අපි විශ්වාස කරනවා විශේෂ කාර්ය බලකායේ අධිපතිතුමා ගැන මෙවැනි කාරණා සම්බන්ධයෙන්. මම හිතනවා යුක්තිය රටේ ජනතාවට රටට, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර තිබෙන අපේ දුරුවෝ වෙනුවෙන් එතුමා මේ රටට සෑහෙන මෙහෙයක් මේ රටට පසුගිය කාලයේ කළා. ඉදිරියටත් සිදු කරයි කියා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න