ETI ගැන වීරවංශගේ ප්‍රකාශයට : මහ බැංකුව උත්තර දෙයි !

ETI ගැන වීරවංශගේ ප්‍රකාශයට : මහ බැංකුව උත්තර දෙයි !

ETI ආයතනය ලයිකා මොබයිල් සමාගමට විකුණු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේදනයක් සිදුකල අතර අදාළ ගනුදෙනුව මුළුමනින්ම දූෂිත එකක් බවත්, ඒ සඳහා වත්මන් මහ බැංකු අධිපතිවරයා ද වගකිව යුතු බවත් පැවසීය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිචාර දක්වා ඇති අතර ඊට අදාළ නිවේදනයක්ද නිකුත්කර තිබේ. එහි මෙසේ සඳහන් කර ඇත.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් සමහර වැරදි තොරතුරු සංසරණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පරිදි කරුණු පැහැදිළි කර සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම අවස්ථාවකදීම අවධාරණය කරනු ලැබුවේ ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් වෙත උපරිම ප්‍රතිලාභයක් ලබාදෙන පරිදි “හඳුනාගත් වත්කම්“ සම්පූර්ණයෙන්ම අපේක්ෂිත ගැනුම්කරුවෙකුට විකිණීම සිදුකළ යුතු බවයි.

මුදල් මණ්ඩලයේ ස්ථාවරය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක් වන ආයතනයන්හි ආයෝජනය කිරීම හෝ එ්වායේ වත්කම් මිලදී ගැනීම සම්බන්ධ ඕනෑම සාකච්ඡාවක් අදාළ ආයතනය සමඟ සෘජුවම සිදු කළ යුතු බවයි. එබැවින්, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ආයෝජනයට සහ/ හෝ එහි වත්කම් මිලදී ගැනීමට අදාළ වන සියළුම ඉල්ලීම් ආයතනය වෙතට යොමුකරන ලදී. ඒ අනුව, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් මිලදී ගනු ලබන පාර්ශ්වය තෝරාගැනීම ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණඩලය විසින් සිදුකරන ලද අතර, තැන්පත්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරනු වස්, අදාළ වන නීති සහ රෙගුලාසිවලට යටත්ව ගනුදෙනුව සිදුකිරීම ඇතුළු විවිධ කොන්දේසි පනවමින් මුදල් මණ්ඩලය විසින් අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලදී.

අපේක්ෂිත ගැනුම්කරුවන් විසින් ඇ.ඩො.මි. 61 සිට ඇ.ඩො.මි. 75 දක්වා පරාසය තුළ විවිධ ලංසු තබන ලද අතර, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා කරන ලද පාර්ශ්වයට මුදල් මණ්ඩලයේ අනුමැතිය පළ කරන ලද අතර එම පාර්ශවය ඉදිරිපත් කරන ලද ලංසුව, ඊළඟට තැබූ වැඩිම ලංසුවට වඩා ඇ.ඩො.මි. 14 කින් වැඩි වූ ඇ.ඩො.මි. 75 ක ඉහළම ලංසුව විය. තවද, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද එකම පාර්ශ්වය වූයේ වත්මන් ගැනුම්කරුවායි. ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන්ට හොඳම ප්‍රතිලාභ ලබාදීමට මුදල් මණ්ඩලය විසින් ඇ.ඩො.මි. 60 ක මුල් ලංසුව ඇ.ඩො.මි. 75 දක්වා ඉහළ දැමීමට මැදිහත් වන ලදී.

අදාළ ගනුදෙනුව පවතින නීති සහ රෙගුලාසිවලට යටත්ව සිදුකරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකු නිරන්තරයන්ම අවධාරණය කරන ලදී. ඒ අනුව, පිළිගත් බැංකු පද්ධතියක් මාර්ගයෙන් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත යොමුකරන ලද ගනුදෙනුවේ සෑම වාරිකයක්ම අදාළ නීති සහ රෙගුලාසිවලට යටත්ව යථායෝගී පරීක්ෂණ සිදු කර අදාළ බැංකු විසින් අරමුදල් නිශ්කාෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.

 

මේ වනවිට, මුළු මුදල වන ඇ.ඩො.මි. 75 න් ඇ.ඩො.මි. 54 ක ප්‍රමාණයක් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත ලැබී ඇති අතර, එය මූලික වශයෙන් ආයතනයේ තැන්පතුවලින් 20% ක් ගෙවීම සඳහා භාවිතා කරන ලදී. තවද, නොයෙකුත් හේතූන් මත පමා වූ ඇ.ඩො.මි. 16 ක මුදල 2019 පෙබරවාරි මස තුල ආයතනය වෙත ලැබීමට සලස්වන බව ගැනුම්කරුවා විසින් දන්වා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න