විමල් - ගම්මන්පිල පිම්බෙන්න එපා : පොහොට්ටු මුලස්ථානයේ සිට දන්වයි !

විමල් - ගම්මන්පිල පිම්බෙන්න එපා : පොහොට්ටු මුලස්ථානයේ සිට දන්වයි !

පොහොට්ටුවේ මීළග ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී දැඩි විවේචනයක් සහිතව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

ඒ මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු කොළඹ නාගරික මන්ත‍්‍රී දයාකාන්ත පෙරේරා ඇතුලු පිරිසක් සහභාගී වූ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේදීය.

එම මාධ්‍ය හමුවේදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ එවන් සාකච්ඡා සදහා වාඩිවිය යුත්තේ පොහොට්ටුව හැදු නායකයන් විනා විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල වැනි අය නොවන බවත් ඔවුන් පොහොට්ටුවේ සුළු පක්‍ෂ පමණක් බවත්ය.

ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙල උරුමය ලෙස ඔවුන් අදහස් පල කලාට කිසිම ප‍්‍රශ්නයක් නැති බවත් පොහොට්ටුවේ අයිතිය උදුරා ගන්නට එන්නට එපා යයි ඔවුනගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් කියා සිටියහ.

පොහොට්ටුව නිර්මාණය කල නායකයනට ගරහමින් මිලග මැතිවරණවලදී වැඩි ඡන්දයෙන් දිනන්නට හිතන්න එපා යයිද ඔවුන් තව දුරටත් කියා සිටියහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න