නීතිඥ සංගමයේ අලුත් සභාපති : ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස !

නීතිඥ සංගමයේ අලුත් සභාපති : ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස !

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අද(20) පැවති නිල වරණයෙන් තේරීපත්ව ඇත.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඡන්ද 4677ක් ලබාගෙන ඇති අතර එම ධුරය සඳහා තරග කළ නීතිඥ මහින්ද ලොකුගේ මහතා ඡන්ද 1415ක් ලබාගත්තේය. ඒ අනුව වැඩි ඡන්ද 3262කින් ඔහු සභාපති ධුරයට තේරීපත්ව ඇත.

එම සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මෙම ඡන්ද විමසුමෙන් තේරී පත්වුණි. ඒ සඳහා ඔහුට ඡන්ද 5074ක් ලැබී ඇති අතර එම තනතුර සඳහා තරග වැදුණු නීතිඥ සමන් වැලිඅංග ලබාගත්තේ ඡන්ද 903ක් පමණයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2019-2020 වසර සඳහා නව සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම අද උදෑසන 8.00 ට ආරම්භ වූ අතර එය පස්වරු 5.00 දක්වා මධ්‍යස්ථාන 84කදී පැවැත්වුණි.

දිවයින පුරා නීතීඥවරුන් 15,806ක් මෙහිදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියේය.

මෙවර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නිතීඥ මහින්ද ලොකුගේ යන මහත්වරුන් තරග වැදුනු අතර එම සංගමයේ ලේකම් ධුරය සඳහා නීතීඥ කෞෂල්‍ය නවරත්න සහ නිතීඥ සමන් වැලිඅංග යන මහත්වරුන් තරග වැදුණි.

මොවුන් අද සිය ඡන්දය භාවිත කළේ කොළඹ දිසා අධිකරණ පරිශ්‍රෙය්දීය.

සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම නිලවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය. එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරු විසින් ඒ ඒ අධිකරණවලදී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරනු ලැබුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න