මාධ්‍යවේදී නඩරාජාට එරෙහි පොලිස් ප්‍රහාරය : මාධ්‍ය සංවිධාන හෙළාදකියි !

මාධ්‍යවේදී නඩරාජාට එරෙහි පොලිස් ප්‍රහාරය : මාධ්‍ය සංවිධාන හෙළාදකියි !

මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ් මහතාට එරෙහිව සිදුව ඇති පොලිස් ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව නිසි පරික්ෂණ පවත්වා කඩිනමින් සාධාරණය ඉටු කරන ලෙස වගකිව යුතු සියළු අංශ වලින් ඉල්ලා සිටී.

දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යයන්තර රූපවාහිනී ආයතනයක් වන ඩෑන් ටී.වී ආයතනයේ (Dan TV) වාර්තාකරුවෙකු වන තිරුනෙල්වේලි හි නඩරාජා කුගන්රාජ් මහතා පොලිස් පහරදීමකින් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කුගන්රාජ් මහතා පවසන අන්දමට කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ සිදුවීමක් රූපගත කරන අවස්ථාවේ පෙබරවාරි 19 සවස 2.30ට පමණ එය රූපගත නොකරන්නැයි තර්ජනය කර ඔහුට පහර දී ඇත්තේ කෝපායි පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයායි.

මෙවැනි සිදුවීම් මාධ්‍යවේදීන් ගේ වෘත්තීය කටයුතු නිදහසේ ඉටුකරගැනීමට බාධාකාරී ලෙස බලපාන අතර, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසටද බාධාවකි. එසේම උතුරේ මෙන්ම දකුණේද අපරාධවලට හා හිංසනයට ගොදුරු වූ ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවී පවත්නා පසුබිමක, තවදුරටත් මාධ්‍යවේදින්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක වීමක් ලෙස දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම හෙළා දකියි.

එබැවින් වහා මැදිහත්ව මෙම සිදුවීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙසද ප්‍රහාරයට ලක් වූ මාධ්‍ය වේදියාට සාධාරණය ඉටු කරන ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න