ජනාධිපති වැය ශීර්ෂය පරාජය කළහොත් දැඩි තීන්දුවක් ගන්න සිරිසේන සුදානම් !

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කළහොත් දැඩි තීන්දුවක් ගන්න සිරිසේන සුදානම් !

2019 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේදි ජනාධිපති වෙනුවෙන් වෙන් වන වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම කටයුතු කළහොත් ජනාධිපති සිරිසේන ඊට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බව නිදහස් සන්ධාන ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම සම්බන්ධ කරුණ පසුගියදා එක්සත් ජාතික පක්ෂ සිරිකොත මුලස්ථානයේ දී අනාවරණය කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ය.

ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ විවේචනය කිරීම, ආණ්ඩුවේ කාර්යයන් සඳහා බාධා කිරීම ආදි හේතුන් නිසා එජාප පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම මෙම තීරණය ගත් බව මන්ත්‍රිවරයා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වුවත් මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වන නිදහස් සන්ධාන ප්‍රකාශකයකු පවසා සිටියේ මුජිබර් මන්ත්‍රීවරයා ආවේගශීලීව එවැනි ප්‍රකාශයක් සිදුකළත් සැබවින්ම එවැන්නක් සිදුකරනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවය.

එවැන්නක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඔක්තෝබර් 26ට වඩා බරපතල ආකාරයේ තීරණයක් ගැනීමට වැඩි ඉඩක් පවතින බවත් එබැවින් අනවශ්‍ය ප්‍රශ්නයක් වෙත රට ගෙනයන තීරණයක් එජාපෙ ආණ්ඩුව නොගනු ඇති බවද ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න