Language Switcher

V2025

දෙවියත් අසරණ කළ කතරගම විෂ්ණු දේවාලයේ ගින්න !

කතරගම මහා දේවාලයට අනුබද්ධ ඒ ආසන්නයේ පිහිටි විෂ්ණු දේවාලයේ ගින්නක් හටගෙන තිබේ.

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අද (03) උදැසන දේවාල පරිශ්‍රයේ සිටි බැතිමතෙක් නොසිතු පරිදි ඔහුගේ සිරුරට ගිනි තබා ගනිමින් විෂ්ණු දෙවාලය ඇතුලට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව දෙවාලයද ගිනි ගෙන ඇත.

පසුව දෙවාලයේ ගින්න මැඩපත්වා තුවාලකරු කතරගම දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරු හම්බන්තොට රෝහලට රැගෙනවිත් ඇති බවද වාර්තා වන අතර මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ තිස්සමහරාම-රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවත් අනාවරණය වී ඇත.

වැඩිදුරටත් වාර්තා වන අන්දමට ඔහු කිරි විහාරය වැදපුදා ගෙන තමන්ට දේව වරමක් ලැබී තිබෙන බව අසල සිටියවුන්ට ප්‍රකාශ කර තිබේ. එම දේව වරමින් තමන්ට දෙවියන් ප්‍රකාශ කර ඇත්තේ දේවාල භූමියේ සිගා කමින් ජීවත් වන ලෙස යැයිද එයට තමන් අකමැති යැයිද අසල සිටිවුන්ට ප්‍රකාශ කර තිබෙන බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ.

එයට පසුව මොහු කිරි විහාරය තුලදී තමන් සතුව තිබූ රෙදි කඩක් ඉනේ ඔතා ගෙන එයට බෝතලයක තිබූ ප්‍රැට්‍ට්‍රල් වත්කර කිරි විහාරයේ දොලොස් මහේ පහනින් ගින්දර ලබාගෙන සිරුරට ගිනි අවුලුවා ගෙන තිබෙන බවද කතරගම පොලීසිය කියයි.