විධායක ජනාධිපති ධුරය සංශෝධනය කිරීම සම්බන්ධව ඉදිරියේදී නතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම ස්ථිර බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අවධාරණය කර ඇතැයි ඔහුට සමීප දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊට අනුව විපක්‍ෂ නායක ලෙස විපක්‍ෂයේ පක්‍ෂ සමගින් සාකච්ඡා කිරීම තම යුතුකමක් බව ඔහුගේ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව මෙම සතියේදී පැවැත්වෙන සාකච්ඡා වලදී 20 වන සංශෝධනය හා විධායකය අහෝසි කිරීම ආදී කාරණා ගැන සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
කෙසේ වුවත් මෙම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි විරෝධයක පසුවන අතර ඒ බව ඔහු අවස්ථා ගණනක ප්‍රකාශ කර ඇත. එහෙත් විපක්ෂනායක ආරංචිමාර්ග සඳහන් කරන්නේ වීරවංශ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික එදිරිවාදිකම් සහ විපක්ෂ නායක ධුරය පටලවා ගත නොහැකි බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
