ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයත් මහින්දම තමයි - වෙල්ගම

ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයත් මහින්දම තමයි - වෙල්ගම

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා අන් කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මාධ්‍යවේදීන් සිදුකල විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ඔක්තෝබර් 26 සිදුවීමේදී අගමැති ධුරය ලබානොගන්නා ලෙස මහින්ද මහතාට පළමුව උපදෙස් දුන්නේ තමන් බවත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් නොවන ලෙස සිරිසේන ජනාධිපතිට පළමුව උපදෙස් දුන්නේද තමන් බව සිහිපත් කල මන්ත්‍රීවරයා ඒ සියලු උපදෙස් දැන් නිවැරදි බවත් ඒ අනුව මේ මොහොතේ තමන් කරන ප්‍රකාශයද නිවැරදි වන බවත් පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මහින්ද මහතා නාමයෝජනා පත්‍රය ලබාදුනහොත් අනිවාර්යයෙන් එය හිමිවන බවත් එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවත්ය.

මෙහිදී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ විමල් වීරවංශ ඇතුළු ඇතැම් මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා කිරීම සම්බන්ධවය.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ වීරවංශට ඔහුගේම කියා පක්ෂයක් ඇති බැවින් කැමති ප්‍රකාශයක් සිදුකල හැකි නමුත් කවුරු මොන යෝජනා ගෙනාවත් මහින්ද මහතා අපේක්ෂකත්වයට එන්නේ නම් ඒ සියල්ල යටපත් වන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න