Language Switcher

V2025

ජනතාව සවිබල ගන්වන : 2019 අයවැය යෝජනා මෙන්න

2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනා දෙවන වර කියවීම මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අරඹා ඇත.

ඒ අනුව කතාව ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ 2018 අවසානයේ ඇතිවූ දේශපාලන ව්‍යාකුලත්වය හමුවේ ආර්ථිකය යහපත් කරගන්නට සහ වර්ධනයක් ඇති කරගන්නට සමත්වූ බවය.

දින 52ක අඳුරු කාලයෙන් පසුව ආර්ථිකය ස්ථාවර කරගන්න හැකිවූ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එසේම දින 52 දේශපාලන අර්බුදය හේතුවෙන් රටට ඇතිවූ ආර්ථික හානිය ගැනත්, ගෝලීය ආර්ථිකයේ බලපෑම හමුවේ ලංකාවේ විදෙස් සංචිත මුහුණදුන් අර්බුදයත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය. නමුත් ගෙවී ගිය මාස කිහිපය තුළ නැවත ආර්ථිකය යළිත් ස්ථාවර වෙමින් ඇති බවද පැවසු අමාත්‍යවරයා අර්බුදය හමුවේ අතහැර දැමුණු වැදගත් සංවර්ධන උපාය මාර්ග යළිත් ආරම්භ කර ඇති බවත් පවසයි.

පුපුරා යාමට ආසන්න කාල බෝම්බයක් වැනි ආර්ථිකයක් 2015 දී තමන්ට හිමිවූ නමුත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ඒ තත්වයෙන් ආර්ථිකය ගලවා ගන්නට සමත්වූ බවද සඳහන් කළේය.

ඉදිරි අයවැය යෝජනා බලාපොරොත්තු වන්න.

2019 අයවැය හඳුන්වන්නේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජනතාව සවිබල ගන්වන දුප්පතුන්ට රැකවරණය දෙන අයවැයක් ලෙස.

දින 52 කුමන්ත්‍රණයේ පළමු ගොදුර ගම්පෙරලිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරයි. දැනට 30000කට වඩා එහි ප්‍රතිලාභ ලබා ඇති අතර බිලියන 60 කට ආසන්න මුදලක් නිකුත්කර ඇත.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකරයි.

පසු අස්වනු හානිය අවම කිරීමට නවීන ගබඩා පහසුකම් වර්ධනය කිරීම. ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට පෞගලික අංශයටත් අවස්ථාව

දිරි සවිය ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරයි.

රබර් ඇතුළු වගා කිහිපයක් නැවත වගා කිරීමට දිරිදීම්

ටයර් කර්මාන්තය නැංවීම

පොල් කර්මාන්තය ආශ්‍රිත ගැටළු ඉවත්කර කර්මාන්තය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නීති නැවත සලකා බැලීම

කුරුඳු අපනයනය කිරීමට තත්ත්ව පාලන සහතිකය අනිවාර්ය කරයි

කුරුඳු කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පියවර රැසක්

මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ 2020 දී අවසන්

නව ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් ඉදි කිරීමට මිලියන 1300ක් වෙන් කරනවා.

සියලු ග්‍රාමීය පාසල් ළමුන්ට නොමිලේ කිරි වීදුරුවක්

ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවට වැසිකිලි පහසුකම් නෑ. හම්බන්තොට පමණක් ලක්ෂයකට පමණ වැසිකිලි පහසුකම් නෑ. මොණරාගල වැසිකිලි නැති ගෙවල් 25,000ක් තිබෙනවා. ලංකාවේ වැසිකිලි නැති ගෙයක් නැති කරන අතර සියලු පොදු ස්ථාන (බස්-දුම්රිය ස්ථාන ) ආශ්‍රිත වැසිකිලි පහසුකම් සංවර්ධනය කිරීමට බිලියන 4ක්, නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට.

සේවකයන් 250 ට වැඩි වාණිජ ස්ථාන වල දරුවන් රැකබලාගන්නා මධ්‍යස්ථාන ඇති කිරීම. ඒ වෙනුවෙන් පහසුකම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ණය පහසුකම්.

ආර්ථිකයේ කන්තා දායකත්වය වැඩි කිරීමට කම්කරු නීති වෙනස් කෙරෙයි

වැඩිහිටියන් රැකබලා ගැනීම විධිමත් කිරීමට වැඩිහිටි ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම,

ආබාධිත පුද්ගලයන්ට ගෙවන 3000 දීමනාව 5000ක් කිරීම

නිධන් ගත වකුගඩු රෝගීන්ට දැනට රුපිල් 5000ක් දෙනවා. එහි පොරොත්තු ලේඛනය අඩු කිරීමට තවත් රෝගීන් 5000කට එම දීමනාව ලබා දීමට රුපියල් මිලියන 1840ක් වෙන් කරනවා.

නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය සහ නිවාස ගම්මාන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 රුපියල් මිලියන 24000ක් වෙන් කර තිබෙනවා.

අලුතින් බැඳින තරුණ ජෝඩුවලට අවුරුදු 25කදි ගෙවන්න ‘හෝම් ස්වීට් හෝම්‘ ණය යෝජනා ක්‍රමයක්.

විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට සිහින මාලිගා ණය ක්‍රමය හඳුන්වා දෙනවා. එය අවුරුදු දෙකකින් පසු ගෙවීම ආරම්භ වන අවුරුදු 15කදී ගෙවා අවසන් කළ හැකි ණය ක්‍රමයක්.

ආනයනික නිෂ්පාදන ඇතුළු සියලුම නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතය ඇති කරන්න අවශ්‍ය පියවර ගන්නවා.

පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු දේශීය ආදායම් පනතට තවත් සංශෝධන

නව ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

මුදල් අමාත්‍යංශය යටතේ ආදායම් බුද්ධි ඒකකයක්

මැණික් කැපීම හා ඔප දැමීමේ යන්ත්‍ර ආනයනය කිරීමේ වරාය හා ගුවන් තොටුපොළ බද්ද අඩු කිරීමට අවධානය

අන්තර්ජාලය ඔස්සේ නවාතැන් වෙන් කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියා ලියාපදිංචි කාමර පහකට වැඩි නවාතැන්පොළවල් වලට විතරයි

හෝටල් නවීකරණය සඳහා අවශ්‍ය වන තෝරාගත් අයිතිම කිහිපයක් සඳහා සෙස් බද්ද අඩු වෙයි.

සෑම දරුවකු සඳහාම වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීම. විද්‍යාගාර, ගුරු නිවාස ආදිය දියුණු කිරීමට රුපියල් මිලියන 32000ක් වෙන් කර තිබෙනවා.

උසස් පෙළ විශිෂ්ඨයින්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගනීම සඳහා අරමුදලක් - මේ වසරේ 14 දෙනෙකුට අවස්ථාව.

අපොස උසස්පෙළට පෙනී සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යෑමට මයි ෆියුචර් නමින් රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණය ක්‍රමයක්.

විදෙස්ගත ශ්‍රමික පවුල් වලට සහනයක් සැලසීමට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් සඳහා අයකරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කරයි.

ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට චීන සහ ඉන්දීය වෙළඳපොල ට පිවිසීම සඳහා නව ක්‍රමෝපායන්, ට්‍රේඩ් හවුස් නිර්මාණය කිරීමේ වැඩසටහන් මඟින් තවදුරටත් දිරිමත් කිරීම්.

2017 වසරේ ඉදිරිපත් කල අයිතම 1200ක් වෙනුවෙන් වූ තීරුබදු හා සමගාමී බදු ඉවත් කිරීම 2019 දීත් ක්‍රියාත්මකයි.

ව්‍යාපාර සංවර්ධන හා ආයෝජන සඳහා දරන මුලික වියදම් අඩු කිරීමට වරාය සහ ගුවන්තොටුපළ බදු අඩු කරයි.

අපනයන වර්ධනය සඳහා බිංගිරිය සහ වගවත්ත කර්මාන්තපුරයන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම

කන්කසන්තුරය, නැගෙනහිර මාන්තෙයි, පරන්තන්, කොන්ඩාච්චි, කින්නියා, සමන්තුරේ, සහ ත්‍රිකුණාමලයට නව කර්මාන්තපුර

රැකියා විරහිත කලා උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම

නාවික, රේගු, ආගමන විගමන නිරෝධාන, ITT ඇතුළු ප්‍රමිති ආයතන වලින් ඒකාබද්ධ මුහුදු සීමා පාලන ඒකකයක්.

පෙරපාසල් අධ්‍යාපනයේ ආයෝජනය කිරීම සඳහා විශේෂ දිරිදීම්

යාපනයේ පැරණි මහ නගර සභාව සංවර්ධනය කිරීමට මිලියන 700 ක් 

කොළඹ ගංවතුර කළමනාකරණයට රුපියල් මිලියන 10900ක් 
 
බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට  පරිවර්ථනය කර සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 750ක්  
 
පානීය ජල නල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට මිලියන 45000ක්.
 
ඒකාබද්ධ බස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 1300ක්.
 
ලංගමට බස් රථ 250ක් සහ පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ 1000ක්  
 
රජයේ සේවක වැටුප් වැඩිවීම ලබා දෙන්න රුපියල් බිලියන 40ක්  
 
ජුලි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට රුපියල්  2500ක අමතර දීමනාවක්.
 
2016 ජනවාරියට පෙර සහ පසු විශ්‍රාම ගිය පිරිසේ විශ්‍රාම වැටුප වෙනසේ ගැටලුව නිරාකරණය කිරීමට තවත් රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙයි. විශ්‍රාමිකයන් 585000කට එයින්  ප්‍රතිලාබ හිමිවේ. 
 
තවත් පුද්ගලයින් ලක්ෂ 6ක් සමෘද්ධි ප්‍රතිලාභ සඳහා එක් කිරීමට යෝජනා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා.  
 
හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩිකෙරේ.  
 
කමාන්ඩෝ බලකායට ලබා දෙන රු. 1000ක දීමනාව රු. 5000 දක්වා ඉහළට. ත්‍රිවිධ හමුදා නිවාස කුලී දීමනාව සීයට සියයකින් ඉහළ  දැමේ.
වෙරල සංරක්ෂණයට කඩොලාන පද්ධති ඇති කිරීමට මිලියන 50ක් 
ස්වභාවික ආපදා රක්ෂණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1000ක්  
 
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලයන 5000ක් 
සූර්ය බල ශක්ති මත විදුලිය ලබා දීමට සෑම පංසලකටම රුපියල් ලක්ෂ තුනක් 
 
ත්‍රිවිද හමුදාව ද ඇතුළුව දිවයින පුරා අතුරුදන්වූ අය වෙනුවෙන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබා දෙන හානි පුර්ණ කාර්යාලය 2019 ඇරඹේ.
 
සමූපකාර සමිති හරහා ණය ලබා දීමට රුපියල් මිලියන 250ක්   
 
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් නියඟයෙන් පීඩාවට පත්වූවන්ට ණය සහනයක්  
 
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි නිෂ්පාදන බද්ද සංශෝධන වන අතර ජාතිය ගොඩනැගීම් බද්ද සිගරට් නිෂ්පාදනය මත 
 
මාර්තු හය වැනි දා සිට සුඛෝපභෝගී වාහන ආනයන බද්ද සංශෝධනය වෙයි. වාහන ආනයනය සඳහා පනවා ඇති 200% මුදල් තැම්පතුව ඉවතට.
 
බීඩි කොළ ආයනය මත පනවා ඇති සෙස් බද්ද වැඩි වෙයි. බීඩියක මිල සත පනහකින් පමණ වැඩි වෙයි.
 
පුද්ගලයකු සඳහා නැව් නැගීමේ හා ගුවන් ගත වීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 10 ලෙස සංශෝධනය වෙයි.
 
දේශීය මත්පැන් සඳහා ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරේ. ගල් අරක්කු මිල වෙනස් නොවේ. ඒ අනුව ගල් අරක්කු හැර මි.ලි. 750 සැර මත්පැන් බෝතලයක් මත වන නිෂ්පාදන බද්ද රු. 63කින් සහ හා ධාන්‍ය මත්පැන් (බීර) මි.ලි. 330 ක කැන් එකක් මත නිෂ්පාදන බද්ද රු. 9කින් ඉහළ දැමීමට යෝජනා කර ඇත.
 
කැසිනෝ සඳහා ඇතුළුත්වීම සඳහා ගාස්තුව ඩොලර් 50 දක්වා වැඩිවේ.
 
මඩු පල්ලිය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 200ක්