Language Switcher

V2025

ත්‍රිවිධ හමුදා ගැන බොරු කියූ රන්තරන්ට : අයවැයෙන් කනේ පාරක් !

ආරක්ෂක අංශ වැටුප් සම්බන්ධව මාධ්‍ය හමුවක් පවත්වා ව්‍යාජ ප්‍රකාශයක් සිදුකළ නිදහස් සන්ධාන මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන "ජනතාව නොමග යවන ලෝක බොරුකාරයෙක්" සහ වැය ශීර්ෂ සම්බන්ධව නිසි දැනුමක් නැත්තෙකු බව අද (05) ඉදිරිපත් වූ අයවැය යෝජනා හමුවේ ඔප්පුවූ බව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ "ජනාධිපති සිරිසේනගේ වැය ශීර්ෂය පරාජය කරමින් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සූදානම් වන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ගේ වැටුප් අහිමි කිරීමට බව කියමින්" පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ නමුත් මෙවර අයවැය හරහා තම ආණ්ඩුව 20 කින් පමණ වැඩි නොකර තිබූ ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කරන්නට කටයුතු කර ඇති බවය.

ඒ අනුව 2017 සහ 2018 වලදී පොලිස් දෙපාර්තමේන්තුවේ දීමනා වැඩිකළ තම ආණ්ඩුව 2019 දී 20 ක සිට වැඩි නොවී පැවති කොමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුළී දීමනාව සහ යහපත් පැවැත්මේ දීමනාව එළඹෙන ජූලි 01 වනදා සිට වැඩි කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂයේ බොරු කයිවාරු !

ආරක්ෂක අංශයන් හී සිදුවන දීමනා වැඩිවීම මෙවර අයවැය යෝජනා අතර සඳහන් වන්නේ මේ ආකාරයටය.

Capture1

Capture1.1

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එජාපෙ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති වැය ශීර්ෂයට සහය නොදෙන බවට ස්ථාවරයක සිටියත් එයින් ආරක්ෂක අංශ වෙත වැටුප් ප්‍රශ්නයක් මතු නොවන බවය.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කළහොත් ආරක්ෂක අංශ වැටුප් ගෙවීමට නොහැකි වන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරන්නේ නොදැනුවත් බව සහ ජනතාව නොමග යැවීමේ අපේක්ෂාවෙන් බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපති වැය ශීර්ෂය තුල ආරක්‍ෂක අමාත්‍යංශ වියදම් ඇතුලත් නොවන අතර එය වෙනම වැය ශීර්ෂයක් බවය.

එනම් සිරිසේන ජනාධිපතිට වැය ශීර්ෂයන් 11ක් ඇති අතර ඒවා පහත පරිදී බෙදී ගොස් ඇත.

1.අතිගරු ජනාධිපති (වැය ශිර්ෂ-1(වැය ශිර්ෂ අංකය -අංක 1))

Capture2

2.ආරක්‍ෂක අමාත්‍යංශය (වැය ශීර්ෂය-9)

Capture2.2

පොලිසිය ත‍්‍රිවිධ හමුදාව ඇතුලූ සියලූ ආරක්‍ෂ ආයතන සදහා වන වියදම් ඇතුලත් වන්නේ මෙම වැය ශිර්ෂ යටතේය

3.මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය(වැය ශිර්ෂ-3යි)

Capture2.1

එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් විසින් පරාජය කරනවායැයි පවසන්නේ වැය ශීර්ෂ අංක 1 දරණ අතිගරු ජනාධිපති යන වැය ශිර්ෂයයි. එමගින් ආරක්‍ෂක අංශවල වියදම් කපාහැරීමක් සිදු නොවේ.