කලාකරුවන්ගේ ප්‍රශ්නයත් විසඳයි !

කලාකරුවන්ගේ ප්‍රශ්නයත් විසඳයි !

ලාංකේය කලාවේ සහ සංස්කෘතියේ සංවර්ධනය අපේක්ෂාවෙන් කලාකරුවන් වෙත දිරිදීමක් වශයෙන් පුරස්කාර ගෙවිම (Royalty Payment ) මගින් ලැබෙන ආදායම මසකට රු.50000ක් දක්වා රඳවා තබා ගැනිමේ බදුවලින් නිදහස් කිරීමට 2019 අයවැය යෝජනා වෙතින් සිදුකර ඇත.

අද (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී සිදුකල අයවැය කතාවේ දී මේ බව සඳහන් විය.

එසේම කලාකරුවන් සඳහා පුරස්කාර ගෙවීමේ සාධාරණ ක්‍රමවේදයක් හඳුන්වාදී ක්‍රියාත්මක කිරීමද මෙවර අයවැය යෝජනා අතර වෙයි. තවද කලාකරුවන්ගේ නිර්මාණ රූපවාහිනිය / ගුවන්විදුලිය මඟින් ප්‍රචාරය කිරීමේදී එහි ප්‍රතිලාභ අඛණ්ඩව ලැබීමට සැලස්සවීම රජයේ අපේක්ෂාව වන බවද එහි සඳහන්ව තිබේ.

මේ අතර ජෝන් ද සිල්වා රඟහළ නවීන අංගෝපාංග සහිතව කඩිනමින් නවීකරණය කිරීම, නව අංශ හඳුන්වා දෙමින් ජාතික කලා භවන නවීකරණය කිරීම, ජාත්‍යන්තර ප්‍රසාංගික මධ්‍යස්ථානයක් 2019 වසරේ මොරටුව ප්‍රදේශයේ පිහිටුවීමද මෙවර අයවැය යෝජනා අතර වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න