රාජ්‍ය සේවක වැටුප වැඩිවේ : රුපියල් 2500ක දීමනාවක් !

රාජ්‍ය සේවක වැටුප වැඩිවේ : රුපියල් 2500ක දීමනාවක් !

සියළු රාජ්‍ය සේවකයින්ට අන්තර් කාලීන මාසිකව රුපියල් 2500ක දීමනාවක් ලබාදීමට අද (05) මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල අයවැය යෝජනාවල ඇතුළත් කර ඇත.

ජනාධිපති සිරිසේන විසින් පත් කරන ලද වැටුප් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මකකරන තෙක් මෙම දීමනාව හිමිවන අතර එය ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

මේ වෙනුවෙන් 2019 විසර්ජන පනත් කෙටුම්පත හරහා රුපියල් බිලියන 40ක් වෙන්කර ඇති බවද මංගල සමරවීර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රාජ්‍ය සේවක වැටුප් 1: 4: 07 අනුපාතය යටතේ රුපියල් 10000 ක මාසික අන්තර්කාලීන දීමනාවක් සහ විශේෂිත දීමනාව මූලික වැටුපට එක්කිරීමට විය. ඒ 2016 වසරේ සිට 2020 දක්වා අදියර කිහිපයක් යටතේය. ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය අංශයේ වැටුප 107% කින් වැඩිකරන්නට කටයුතු කර ඇත.

ඒ අනුව පහළ මට්ටමේ රාජ්‍ය සේවක වැටුප 2015 දී රුපියල් 11 730.00 වුවත් එය 2020 දී රුපියල් 24250.00 ක් දක්වා වැඩිවෙයි.

ඒ බව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා පහත වගුව බලන්න

Capturea

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න