නාමල් "ආසයි - බයයි" වුණ අයවැය යෝජනා මෙන්න !

නාමල් "ආසයි - බයයි" වුණ අයවැය යෝජනා මෙන්න !

2019 අයවැය තුල අධ්‍යාපනය සහ යොවුන් ප්‍රජාව උදෙසාවන රජයේ ප්‍රතිපත්ති ආකර්ෂණීය සහ අගය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය ට්වීටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත,

එහි ගැටළුව නම් තවත් මාස හයක් පමණ කාලයකට පමණක් සීමාවෙන ආණ්ඩුවක් මේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නද ඔහු ප්‍රශ්න කර සිටියි.

තාරුණ්‍යයෙන් හොද ප්‍රතිචාරයක් !

මේ අතර නාමල් මන්ත්‍රීවරයා පමණක් නොව සමාජ මාධ්‍ය ජාල රැසක මෙවරය අයවැයේ තාරුණ්‍ය ඉලක්ක කරගෙන ඉදිරිපත් කර ඇති යෝජනා ඇගයීමට බඳුන් වෙමින් තිබේ.

එහිදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ Home Sweet Home නම් සහනදායි ණය ක්‍රමය සම්බන්ධවය.

නවක විවාහපත් තරුණ යුවලකට අඩුම පොළියක් යටතේ නිවසක් මිලදී ගැනීමට පහසුකම් සැලසෙන එම යෝජනා ක්‍රමය ගැන අයවැයේ සඳහන් වන්නේ මෙසේය.

"කෙසේ වුවද, පළමු වරට නිවාස ලබා ගන්නා මැදි ආදායම්ලාභීන් සඳහා රු. මිලියන10 දක්වා සියයට 6 පොලී අනුපාතය යටතේ වසර 25 ක ආපසු ගෙවීමේ කාලයක් සහිත Home Sweet Home නම් වූ සහනදායී ණය යෝජනා ක‍්‍රමයක් රජය විසින් ආරම්භ කරනු ඇත. මෙම ණය යෝජනා ක‍්‍රමය විවාහ වන තරුණ තරුණියන් සඳහා ඔවුන්ගේ ප‍්‍රථම නිවාසය මිල දී ගැනීමට හෝ ඉදිකිරීම සඳහා යොදා ගත හැක. පෞද්ගලික අංශය ඉදිකරනු ලබන මධ්‍යම පාන්තික තට්ටු නිවාස මිල දී ගැනීම පිණිස ද ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ ණය යෝජනා ක‍්‍රමය භාවිතා කළ හැකියි."

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවස්ථා ගැනත් විශේෂ අවධානයක් !

එසේම සෑම දරුවකු සඳහාම වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීම, විද්‍යාගාර, ගුරු නිවාස ආදිය දියුණු කිරීමට රුපියල් මිලියන 32000ක් වෙන් කර තිබීම, උසස් පෙළ විශිෂ්ඨයින්ට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවල ඉගනීම සඳහා අරමුදලක් ඇති කිරීම සහ මේ වසරේ 14 දෙනෙකුට එම අවස්ථාව හිමිකරදීම මෙන්ම අපොස උසස්පෙළට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යෑමට මයි ෆියුචර් නමින් රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණය ක්‍රමයක් ඇති කිරීමට මෙවර අයවැය යෝජනා අතර තිබේ. ඒ සම්බන්ධවද ජනතාව අතර දැඩි ප්‍රසාදයක් ඇතිව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න