කාමර 5ට අඩු සංචාරක නවාතැන්වලට: අයවැයේ "87" අදාළ නෑ !

කාමර 5ට අඩු සංචාරක නවාතැන්වලට: අයවැයේ "87" අදාළ නෑ !

2020 අප්‍රේල් 01 වනදායින් පසුව අන්තර් ජාලය ඔස්සේ හෝටල් නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට අවසර ලැබෙන්නේ ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 5ට වඩා වැඩි හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් බවට මෙවර අයවැයේ 87 යෝජනාවේ ඇතුළත් නමුත් එහි පරිවර්තන දෝෂයක් ඇති බැවින් එය වහාම නිවැරදි කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර නිලධාරීන් වෙත උපදෙස් නිකුත්කර ඇත.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉහත ඉංග්‍රීසි පරිවර්තනය තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිවැරදිව දක්වා ඇතත් සිංහල පරිවර්තනය කියවීමේදී වැරදි හැඟීමක් මතුවන බවය.

එනම් සිංහල පරිවර්තනය තුළ ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කාමර 5ට වඩා අඩු ස්ථාන සඳහා අන්තර් ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කර ගැනීමට අවසර නොලැබෙනවා වැනි අදහසක් ගැබ්ව ඇති බවත් එබැවින් එය කඩිනමින් නිවැරදි කරන ලෙසත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව අමාත්‍යවරයා පැහැදිළි කර ඇත්තේ 2019 අයවැය යෝජනා අංක 87 අනුව කාමර 5ට වඩා වැඩි හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන 2020 අප්‍රේල් 01 වනදා සිට ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතු බවය. එසේ නොවුවහොත් ඔවුන්ට අන්තර් ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කර ගැනීමට අවසර නොලැබෙන බවය. නමුත් කාමර 3ට අඩු සුළු පාරිමාණයේ ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා මේ යෝජනාවෙන් කිසිඳු හානියක් නොවන බවත් ඒ නිසා එම උදවිය ඒ සම්බන්ධව අර්බුදයක් ඇතිකරගත යුතු නැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ..

පරිවර්තන දෝෂය සහිත සිංහල පිටපතේ යෝජනාව

Capture11

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිවැරදිව දැක්වෙන ඉංග්‍රීසි මුල් පිටපතේ යෝජනාව

Capture12

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න