සිරිසේනගේ අන්‍තිම තුරුම්පුවටත් අවස්ථාවක් : බැදුම්කර ගැන වෝහාරික විගණනයක් !

සිරිසේනගේ අන්‍තිම තුරුම්පුවටත් අවස්ථාවක් : බැදුම්කර ගැන වෝහාරික විගණනයක් !

මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩු හෝ අක්‍රමිකතා ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් සිදුකිරීමට ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ මේ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමත් සමග ය.

ඒ අනුව වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයින් පත් කිරීමටත් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් පත්‍රිකාය මගින් ඉඩ සැලසේ.

බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩු ගණනය කිරීම සඳහා 2007 වසරේ සිටම වෝහාරික විගණනයක් කළ යුතු බව මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කරනු ලැබූ අතර මේ සිදුවන්නේ ද ඒ අනූවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න