සුරක්ෂා රක්ෂණයට ජනාධිපති හදිසියේ විරුද්ධ වෙයි !

සුරක්ෂා රක්ෂණයට ජනාධිපති හදිසියේ විරුද්ධ වෙයි !

පාසල් සිසු සිසුවියන් සදහා යහපාලන ආණ්ඩුව විසින් හදුන්වාදෙනු ලැබූ සුරක්ෂා රක්ෂණය අත්තනෝමතික ලෙස අහිමි කිරීමට ජනාධිපති සිරිසේන උත්සාහ දරණ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති සිරිසේන ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත.

එසේම මීට පෙර පැවති කැබිනට් හමුවකදී ද සිරිසේන ජනාධිපති මේ උත්සාහය දරා ඇති අතර එය අවසන් කර ඇත්තේ තමන් සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියේ නිරීක්ෂණ ඉදිරිපත් කරන බව සදහන් කරමින්‍ ය.

ඒ අනුව ඊයේ පැවති කැබිනට් හමුවේදී සිරිසේන ජනාධිපති සිය නිරීක්ෂණ ලෙස අදාල රක්ෂණය දේශීය සමාගමකට නොදී විදේශීය සමාගමකට දීම සම්බන්ධයෙන් විරෝධය පලකර තිබේ.

නමුත් එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වාදී ඇත්තේ ටෙන්ඩර් කැදවා ලබාදී ඇති එම රක්ෂණය දැනටමත් ක්‍රියාත්මක වන බැවින් එය අවලංගු කිරීමේ හැකියාවක් නොමැති බවය.

අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් බවත් එම සමාගමෙන් සිසුන්ට වරප්‍රසාද රැසක් හිමිවන බවත් ඇමැති අකිල විරාජ් කාරියවසම් එහිදී පැහැදිලි ව පෙන්වා ඇතත් ජනාධිපති සිරිසේන දැඩිව තම ස්ථාවරයේ සිට සුරක්ෂා නැවැත්වීමට බලකරමින් අදහස් දක්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන ඇමැතිවරයා හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (07) පැවැත්වීමට ද කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇත.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ යහපාලනය සිදුකළ ජනතාවාදී ව්‍යාපෘති අවසන් කර දේශපාලන වාසි ලැබීමේ උත්සාහයක සිරිසේන ජනාධිපති නිරතව සිටින බවය. නොඑසේ නම් වසර කිහිපයක් ඇවෑමෙන් ඊට මෙතරම් විරෝධයක් දැක්වීම අනවශ්‍ය බවත් ගැටලුවක් පැවතියේ නම් පලමු අවස්ථාවේම විරෝධය දැක්වීමට ජනාධිපති සිරිසේන ට අවස්ථාව තිබූ බවත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න