ඔක්තෝබර් කුමන්ත්‍රණකරුවන් යළිත් වැඩ !

ඔක්තෝබර් කුමන්ත්‍රණකරුවන් යළිත් වැඩ !

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් 2019 වසරට අදාලව ඉදිරිපත් කළ අයවැය පරාජය කරවා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පෙරළීමේ උත්සාහයක් සම්බන්ධව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට අනුව අප්‍රේල් 05 අයවැය ජන්ද විමසීමේ අවස්ථාවේ දී එය පරාජය කොට භාරකාර ආණ්ඩුවක් යටතේ ජාතික මැතිවරණයක් කැදවීම මේ පිරිසේ උත්සාහය වී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය දියත් කළ පාර්ශවය මේ උත්සාහය පිටුපස සිටින අතර ඔවුන් මේ වන විටත් අයවැය පරාජය කිරීමට අවශ්‍ය ජන්ද ප්‍රමාණය සකස්කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවය.

එසේම මෙවර අයවැය ජනතාව අතර දැඩි ප්‍රසාදයක් අත්කර ගෙන තිබීමත් ඒ සමග තවත් මාස කිහිපයක් ඉදිරියට ගියහොත් එය තම පාර්ශවයට බරපතල පාඩුවක් බව ඔක්තෝබර් 26 කුමන්ත්‍රණ කණ්ඩායමේ තක්සේරුව වී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න