රටට එක ඩොලරයක් ගේන්න මහින්දට බැරි වෙලා - හර්ෂ

රටට එක ඩොලරයක් ගේන්න මහින්දට බැරි වෙලා - හර්ෂ

දින 51 දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ රටේ ආර්ථිකය භාරව සිටි මහින්ද රාජපක්ෂ මහතාට එක ඩොලරයක් රටට ගෙන ඒමට නොහැකි වූ බව අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසීය.

2019 අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කල අතර ඒ අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය අසුනෙන් නැගිට සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබේ.

එහිදී විවේචන දරාගත නොහැකිවූ මහින්ද මහතා සභාවෙන් යන නමුත් හරි නම් ඒ ගැන අසා සිටිය යුතු බවද පැවසීය. මේ අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට බාධා කරන්නට උත්සාහ කල නමුත් අමාත්‍යවරයා අදහස් දැක්වීම සිදුකළේය.

එහිදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ දින 51 දේශපාලන කුමන්ත්‍රණය තුළ යහපාලන ආණ්ඩුව ගොඩනැගු ආර්ථිකයට දැඩි හානියක් සිදුකල බවය. ඒ අනුව 2018 වසරේ රටින් ඉවත්කරගෙන ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 893.6ක් නමුත් කුමන්ත්‍රණ සාමය වූ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් කාලය තුළ ඩොලර් මිලියන 487ක් රටින් ඉවතට ගෙන ඇති බවය. ඒ අනුව රටින් ඉවතට ගිය මුළු ඩොලර් ප්‍රමාණයෙන් 54%ක් කුමන්ත්‍රණ සමයේ ඉවතට ගොස් ඇති බව අමාත්‍යවරයා තහවුරු කළේය.

එසේම මෙරට බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර තිබු ඩොලර් මිලියන 132.6ක් 2018 වසරේ ඉවත් කරගෙන ඇති නමුත් එයින් ඩොලර් මිලියන 96.9ක් එනම් 73%ක් කුමන්ත්‍රණය සමයේ ඔක්තෝබර්,නොවැම්බර් සහ දෙසැම්බර් කාල සීමාවේ ඉවතට ඇදීගොස් තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රාජපක්ෂ සමයේ ඉහල පොලී අනුපාත යටතේ ණය ගැනීම හරහා රට ණය අර්බුදයකට ඇද දැමු නමුත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව එම ණය අර්බුදය විසඳමින් විධිමත් ක්‍රමවේදයන් යටතේ ආර්ථිකය මෙහෙයවමින් සාර්ථකත්වයට පත්ව ඇති බවද පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න