Language Switcher

V2025

ජිනීවා මානව හිමිකම් සැසියේ : ලංකාවේ තීරණය අවසන් මොහොතේ !

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන අවසන් මොහොතේ දී තීරණය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරය මාර්තු මස 22 දා සහ 23 දා ජිනිවා නුවරදී පැවැත්වීමට නියමිතය.

ජිනිවාහී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම හා උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් සහභාගී වන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට කල් ගැනීම සඳහා වන ඉල්ලීම මේ වන විට මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන පවතියි.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගන්න ස්ථාවරය තීරණය කරන්නේ අවසන් මොහොතේ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද පවසා ඇත.