ITN NEWS මුල් පුටුවට : ශානුක කරුණාරත්න එයි !

ITN NEWS මුල් පුටුවට : ශානුක කරුණාරත්න එයි !

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිත මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවුර්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස පත්කර ඇත.

වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත, ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

කෑගල්ල, ශාන්ත මේරි විද්‍යාලයේ ආදී ශිෂ්‍යකු වන ශානුක කරණාරත්න විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 15 ක පමණ අත්දැකීම් සහිත අයෙකි. 2003 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සිය මාධ්‍ය ගමන්මඟ අරඹන ඔහු ඉන් අනතුරුව ආසියානු මාධ්‍ය ජාලයට සම්බන්ධවී ශ්‍රී එෆ්.එම්. ෂා එෆ් එම් යන නාලිකාවල නිවේදන සහ ප්‍රවෘත්ති අංශයේ කටයුතු කර ඇත. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වීම් ලබන ඔහු, අනතුරුව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයට එක්විය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න