විස්මිත පුහුණුකරු හතුරුට : විස්මිත කැඳවීමක් !

විස්මිත පුහුණුකරු හතුරුට : විස්මිත කැඳවීමක් !

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 05 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව දෙරට අතර 20යි 20 තරගාවලියේ පුහුණුකාර ධූරය සඳහා ස්ටීව් රික්සන් පත් කර ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන 16 වනදා පැවැත්විමට නියමිත අතර තරගාවලියේ මේ දක්වා පැවැති තරග හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

එසේම වැඩිදුරටත් වාර්තා වන්නේ අඛණ්ඩව සිදුවන තරග පරාජය හේතුවෙන් හතුරුසිංහව පෙරළා කැඳවීමට හේතුවී ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න