Image

අපි, 'ජාතිකත්වය' සහ 'ජාතිවාදය' වෙනස් ව හඳුනා ගන්නේ කවදා ද...? -Ideas front වීඩියෝවක්

අපි, 'ජාතිකත්වය' සහ 'ජාතිවාදය' වෙනස් ව හඳුනා ගන්නේ කවදා ද...? -Ideas front වීඩියෝවක්

අවංකව ම ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් පද්ධතිය විසින් ඇති කරනු ලබන වෙනස් කිරීම සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ජාතිකත්වය සහ ජාතිවාදය වෙන් වෙන් ව හඳුනා ගැනීමට නම් ආචාර්ය ගුණදාස අමරසේකර ගේ කෘති සහ මහාචාර්ය නලින් ද සිල්වා ගේ කෘති කියවිය යුතු යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රණවිරුවන් සැමරීමේ හෝ නොසැමරීම තුළ දැවැන්ත දේශපාලනයක් ගැබ්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අනුර කුමාර ජනාධිපතිවරයා කටයුතු කරන අන්දම අධ්‍යයනය කළ හොත් මෙය මැනවින් වටහා ගත හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න