Language Switcher

V2025

මාකඳුරේ මධුෂ් වෙනුවෙන් මුලික අයිතිවාසිකම් නඩුවක්

මේ වන විට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ ඥාතිවරියක ( පුංචි අම්මා) මැදිහත්ව තිබෙන බව වාර්තා වෙයි.

ඇය සූරියවැව පදිංචිකාරිනියකි.

වාර්තා වන ආකාරයට මැය නඩුව ගොනුකර ඇත්තේ ඩුබායි අත්අඩංගුවේ පසුවන මධූෂ්ව ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමේ සූදානම් ඇති බවත් එසේ කළ හොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින්ය.

එසේම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බවද වාර්තා වෙයි.