පස් හා බොරලු ප්‍රවාහනයට තිබූ දැඩි නීති ලිහිල් කිරිමට කටයුතු කළ බව මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි.
ජනපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන අතර ඒ අනුව වාණිජ පදනමකින් නොවන පස් හා බොරලු ප්‍රවාහනය වෙනුවෙන් තිබූ නීතිය මේ හරහා ලිහිල් කර තිබේ.
ඒ අනුව නිවාස ඉදිකිරීමේදි ඉවත්වන හෝ පිරවිමේදි පස් කියුබ් 35 දක්වා ප්‍රවාහනය සඳහා ග්‍රාම නිලධාරිගේ අනුමැතිය ප්‍රමාණවත් වෙයි.
වාණිජ නොවන පස් කියුබ් 50ට අඩු (සංවර්ධන ව්‍යාපෘතියක් වැනි) පස් ප්‍රවාහනය කිරීමේදී ග්‍රාම නිලධාරීගේ සහතිකය අනුව ප්‍රදේශිය ලේකම්ට අවසරය දිය හැකිය.
එසේම පස් කියුබ් 50ට වැඩි නම් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වන අතර මේ සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති අතර එය මාර්තු 12 දි සිට බලපැවැත්වෙයි.

