මාකඳුරේ මධුෂ් - ගෝඨාභය - කරන්නාගොඩ :  එකම පාරේ !

මාකඳුරේ මධුෂ් - ගෝඨාභය - කරන්නාගොඩ :  එකම පාරේ !

මිනීමැරුම් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළුව අපරාධ රැසකට අවශ්‍යව ඩුබායිහි සිටින පාතාලයේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වාලන වාරණ නියෝග අධිකරණයෙන් ඉල්ලීමට මධුෂ්ගේ ඥාතිවරියක ක්‍රියා කර තිබෙන්නේ මහා පරිමාණ වංචා දූෂණ හා පුද්ගලයන් එකො‍‍ළොස් දෙනකු අතුරුදන් කිරීම් වැනි සිදුවීම් ගැන අනාවරණය වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ මහත්වරුන් ලබාදුන් නරක පූර්වාදර්ශය නිසා යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා  පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව ප්‍රකාශ කර ඇත.

පැහැදිලි සාක්ෂි පරීක්ෂණ අංශ ඉදිරිපත් කර තිබියදීත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලන වාරණ නියෝග අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ මහත්වරු බව පැවැසූ මන්ත්‍රී ඉඳුනිල් තුෂාර මෙයාකාරයට සියලුම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම් වළක්වාලන අධිකරණ වාරණ නියෝග ලබා ගැනීමට පියවර ගතහොත් සිදුවන්නේ කුමක් දැයි ගැටලුසහගත බවත් සඳහන් කළේය.

විමල් වීරවංශ, උදයගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම මහත්වරුන් අපරාධ, දූෂණ, වංචා යනාදියට සම්බන්ධ වූවන්ට වහාම දඬුවම් පමුණු වන ලෙසට මාධ්‍ය මඟින් විශාල අඬහැරයක් සමාජයට පතුරවන බව අවධාරණය කළ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මහා පරිමාණයෙන් රාජ්‍ය මුදල් අවභාවිත කරමින්, වාහන, මහල් නිවාස, ගමන්බලපත්, මූල්‍ය වංචා ආදිය සිදු කළ බවට චෝදනා හා නඩු පවතින විමල් සහ ගම්මන්පිල මහත්වරුන්ගේ මේ හතරබීරි කතා මොනවා දැයි යන්නත් ප්‍රශ්න කළේ ය.

චෝදනාවන්ට ලක්වූවන් අධිකරණ වාරණ ලබා ගනිමින් අත්අඩංගුවට ගැනීම් වළක්වා ගැනීම සහ දේශපාලන පළිගැනීම් සිදුකරනවා යැයි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීම් සිදුකරමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් පවසන්නේ වහාම අපරාධකරුවන්ට දඬුවම් දීම බවත් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් වැඩි දුරටත් පැවැසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න