ඇමති 3කට : කල්ලියකින්  ජීවිත තර්ජන !

ඇමති 3කට : කල්ලියකින්  ජීවිත තර්ජන !

රහසිගත අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තමන්ගේ ජීවිතවලට ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇතැයි කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනකු විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ පොලිසියෙන් සුවිශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන බව දේශය පුවත්පත වාර්තා කරයි.

2009 වසරේදී උතුරේ යුද්ධය හමාරවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට මෙරටදී අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තර්ජන එල්ල වී ඇතැයි චෝදනා නැගුණේ ප්‍රථමවරට බව ආරක්ෂක අංශ පවසන බවද එම පුවතේ සඳහන්ව ඇත.

ජාත්‍යන්තර සබඳතා ඇතැයි කියන මෙම ත්‍රස්ත කල්ලිය සුළු ජන කොටස් හා සිංහලයන් අතර ජාතිවාදී ආරවුල් ඇති කිරීම සඳහා ක්‍රියාකරන කණ්ඩායමක් බව රාජ්‍ය බුද්ධි අංශ මෙතෙක් කළ විමර්ශනයන්ගෙන් පැහැදිලි වී තිබෙන බවද එහි සඳහන් අතර වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

මෙයට සම්බන්ධ ප්‍රධාන සාමාජිකයන් 4 දෙනකු දැනටමත් හඳුනාගෙන ඇත. ඔවුන් මෙරට තුළ ඉතා රහසිගතව පුහුණු කඳවුරු කිහිපයක් පවත්වා ඇතැයිද චෝදනා එල්ල වූ පිරිසකි. අඩ්ඩාලච්චේන, පොළොන්නරුව, මාවනැල්ල සහ පුත්තලමේ මෙකී අන්තවාදී සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් යම් යම් සුළු සුළු මෙහෙයුම් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කර ඇති බවද කියැවේ.

මෙම ත්‍රස්ත කල්ලිය වෙතින් තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි කියන අමාත්‍යවරුන් තිදෙනාගේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ ආරක්ෂක ඇස්තමේන්තුවක් සකස් කිරීමට ආරක්ෂක මණ්ඩලයේ තර්ජන ඇස්තමේන්තු කමිටුව මේ දිනවල ක්‍රියාකාරමින් සිටී. එහි වාර්තාව ලද වහාම අදාළ ඇමැතිවරුන්ට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව තවත් තර කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වේ. මෙකී තර්ජන එල්ල වී ඇතැයි කියන අමාත්‍යවරු මහනුවර, කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරන්නෝ වෙති.

(දේශය)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න