විදේශ අමාත්‍යංශය සිරිසේන යටතට ?

විදේශ අමාත්‍යංශය සිරිසේන යටතට ?
ජිනීවා හි මානව හිමිකම් සමුළුව අවස්ථාවේ ජනාධිපති සිරිසේනගේ දැනුම්දීම අනුව කටයුතු නොකළහොත් විදේශ අමාත්‍යංශය පවරා ගන්නට ජනාධිපති සිරිසේන කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම මේ වන විටත් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව ගනු ලබන තීන්දු තීරණ බලාත්මක කරගැනීමට පෙර ඊට තම පූර්ව අවසරය ගතයුතු බවත් එසේ නොවුනහොත්  තමන් ඊට නිසි ප්‍රතිචාර දක්වන බවද ජනාධිතිවරයා විදේශ අමාත්‍ය තිලක් මාරපන වෙත දන්වා ඇති බවද වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේන මේ දැනුම්දීම සිදුකර ඇත්තේ පසුගිය දිනක පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිය කාර්යාලය වෙත විදේශ අමාත්‍යවරයා කැඳවූ අවස්ථාවකය. එහිදී විදේශ අමාත්‍යංශ ලේකම්වරයාද කැඳවා ජනාධිපති සිරිසේන මේ උපදෙස් නිකුත් කර ඇති බවත් වාර්තා වෙයි.
එසේම  ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ යෝජනාවට අනුග්‍රාහකත්වය දැක්වීමට එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා තමන්ගේ අනුදැනුමකින් තොරව අත්සන් තැබීම ගැන ජනාධිපතිවරයා මෙහිදී විදේශ අමාත්‍යංශ බලධරයන්ට දෝෂාරෝපණය කර තිබෙන බවත් වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න