දේශපාලන පක්ෂ සියල්ලේම වත : ළඟදීම එළියට !

දේශපාලන පක්ෂ සියල්ලේම වත : ළඟදීම එළියට !

සියලු දේශපාලන පක්ෂවල වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළු තොරතුරු රැසක් ලබන සතියේ සිට, සිය වෙබ් අඩවියේ පල කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 දේශපාලන පක්ෂවල පක්ෂ ව්‍යවස්ථාව, වත්කම් බැරකම් ප්‍රකාශ, විගණනය කරන ලද ගිණුම් වාර්තා සහ පක්ෂවල නිලධාරී මණ්ඩලය ආදී තොරතුරු සම්බන්ධව, තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජනයා විසින් නිරන්තරව සිදුකරන විමසීම් හේතුවෙන් මෙම පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේය.

එසේම සතියක කාලයක් තුළ එම තොරතුරු දේශපාලන පක්ෂවලින් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පලකරන බවත් නිවේදනය කර සිටියේය.

ඒ අනුව ලබන සතියේ සිට එම තොරතුරු මහජනතාවට මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

මේ සම්බන්ධව දේශපාලන පක්ෂ කිහිපයකින් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න