වෙනසක් නෑ : ජන්ද කාලෙට අරලිය ගහ දන්සල තවමත් විවෘතයි !

වෙනසක් නෑ : ජන්ද කාලෙට අරලිය ගහ දන්සල තවමත් විවෘතයි !

මැතිවරණ සමයේ පසුගිය රජය පවත්වාගෙන ගිය කුප්‍රකට “අරලියගහ දන්සල” ඒ ලෙසම පළාත් පාලන ඡන්ද විමසීම සමයේ ද පවත්වාගෙන යාමක් පෙන්නුම් කරන බව කැෆේ සංවිධානය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර සිටින්නේ අග්‍රාමාත්‍ය නිල නිවස දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමේ කටයුත්තේ අධ්‍යාපන අමාත්‍යංශය ඉහළින්ම සිටින බවය.

පසුගිය ජනවාරි 4 දින (බ්‍ර‍හස්පතින්දා) දින පාසල් සදහා ජංගම විද්‍යාගාර බෙදාදීම‘ නම් උත්සවයක් සදහා යැයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශය විසින් දුරකතන ඇමතුම් ලබාදී දේශපාලන රැස්වීමක් සදහා 3000 ක පිරිසක් කැදවා තිබුණු බවත් ඒ සදහා කිසිදු ලිඛිත දැනුම්දීමක් සිදු නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපක්‍ර‍මශීලී වී තිබුණු බවත් පෙන්වා එම නිවේදනයේ සඳහන්ය.

එසේම අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.පී.විපුලසේන විසින් සිදුකළ එම උත්සවය සදහා 2018 ජනවාරි 2 දාතමින් කැදවීමේ ලිපිය ද, ජනවාරි 4 දාතමින් සහභාගිවීම සහතික කිරීමේ ලිපියක් ද නිකුත් කර ඇති බවත් ඒ අනුව, මෙම දේශපාලන රැස්වීම සදහා සහභාගි වූ රාජ්‍ය නිලධාරීන්ට රාජකාරි නිවාඩු ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ බව පෙන්වාදෙමින් කැෆේ සංවිධානයේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ජංගම විද්‍යාගාර දැනුවත් කිරීම‘ නාමයෙන් පැවති දේශපාලන රැස්වීම හා දන්සල වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ කනෙන් රිංගා, මැතිවරණ නීතිය උල්ලංඝනය කර අවමන් සහගත ලෙස සීනාසීමක් බවත් අදාළ රැස්වීම් පැවැත්වෙන තෙක් ලිඛිත සාක්ෂි සැගවීම සිදු කළ හැකි නමුත්, භාවිතය එදා ‘අරලියගහ දන්සල‘ ට සමාන බවය.

කැෆේ සංවිධානය නිකුත් කල එම නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න