ඇසට රසක් ගෙන - දිනපතා “රැස” : ජනවාරි 11 එනවා

ඇසට රසක් ගෙන - දිනපතා “රැස” : ජනවාරි 11 එනවා

ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් ධාරාවට නව දිනපතා ජාතික පුවත්පතක් එළඹෙන බ්‍රහස්පතින්දා (11) දින සිට නිකුත් කිරීමට නියමිතයි.

මේ පුවත්පත නිකුත් කරන්නේ ලේක් හවුස් ආයතනය වන අතර පුවත්පතේ නම වන්නේ 'රැස' යි. මෙතුවක් කල් ලේක් හවුස් ආයතනයට ආකර්ෂණය කරගත නොහැකි වූ නැවුම් පාඨක පිරිසක් නතු කරගැනීමේ අරමුණින් දියත් කරන මෙම පුවත්පත අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත් කරන්නක් බව කියවෙයි.

මෙම පුවත්පතේ කතුවරයා වශයෙන් තරුණ මාධ්‍යවේදියෙකු වන චාමර ලක්ෂාන් කුමාර මහතා කටයුතු කරන අතර, පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා වනුයේ පසුගිය ආන්දෝලානාත්මක සිදුවීම් රැසක් රටට හෙළි කල, තවත් තරුණ මාධ්‍යවේදියෙකු වන කසුන් පුස්සෙවෙලයි.

මේ පුවත්පතේ විශේෂාංග කතෘවරයා ලෙස රංජිත් කුමාර සමරකෝන් වන අතර ප්‍රවෘත්ති කතෘවරයා වනුයේ ශාලික විමලසේනයි. තිඹිරියාගම බණ්ඩාර, ජයසිරි ජයසේකර, රවීන්ද්‍ර විජේවර්ධන, නිලන්ත ගමගේ, මංජුල සමරසේකර, කසුන් ඉරුගල්බණ්ඩාර, පබදු සපුතන්ත්‍රි, ශිවන්ති ප්‍රනාන්දු ඇතුළු තරුණ මාධ්‍යවේදීන් කණ්ඩායමක් රැස වටා ගොනුව සිටිති.

මෙම පුවත්පත් නව සන්නිවේදන තාක්ෂණයන් සමග අත්වැල් බැඳ ගන්නේ මධුක ප්‍රනාන්දු සහ විමුක්ති දුෂාන්තගේ සහයෙනි. මො.ල. සෙනෙවිරත්න ප්‍රමුඛ දක්ෂ තරුණ පිටු සැකසුම් ශිල්පීන් පිරිසක් 'රැස' නිර්මාණයෙහි ලා දායක වෙති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න