තහනමෙන් පසු රුසියාවට අපනයනය කරන පළමු තේ තොගය මේ වනවිට පිටත්කර ඇති බව තේ මණ්ඩලය සඳහන් කරයි.
බහාළුම් විශේෂ ධුමකරණයකට ලක්කිරීම ඇතුළුව නියමිත ප්‍රමිතියෙන් යුතුව එම තේ තොග යවා ඇති බවත් ඉදිරියටද අපනයනය කරන තේ තොගවල ප්‍රමිතිය කෙරෙහි දැඩි සැලකිල්ලකින් පසුවන බවත් තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ සඳහන් කර ඇත.
පසුගිය දෙසැම්බර් 18 වනදා මෙරටින් ආනයනය කරනු ලබන තේ ඇතුළුව සියළු කෘෂි භෝග තහනම් කිරීමට රුසියාව කටයුතු කල අතර ඒ ආනයනික තේ තොගයකින් කෘමියකු හමුවීම නිසාය. කෙසේ වුවත් එම තහනම පසුව ඉවත් කරගන්නට මෙරට සමත්විය.

