හෙද කාර්යමණ්ඩලය දියත් කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් ජයවර්ධනපුර රෝහලේ කටයුතු සම්පුර්ණයෙන් අඩාල වී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන සහ සැත්කම් සඳහා නියමිත රෝගීන් වෙනත් රෝහල් වෙත මාරුකර යවන්නට රෝහල් පරිපාලනය කටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.
මේ ආකාරයට ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යමණ්ඩලය වැඩ වර්ජනයක් දියත්කර සිටින්නේ ඔවුන්ගේ පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රයක් හඳුන්වා දීමට රෝහල් පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින්ය.
මේ අතර පසුගියදා නුගේගොඩ දිසා අධිකරණය වර්ජනය අත්හිටුවන ලෙස දැනුම්දෙමින් හෙද කාර්ය මණ්ඩලයට වාරණ නියෝගයක් නිකුත් කලද එය නොතකා හෙද කාරය මණ්ඩලය වැඩ වර්ජනය සිදුකරන බව රෝහල් පරිපාලනය සඳහන් කර සිටියි.
සබැඳි පුවත් ;
ජ’පුර හෙද හෙදියන්ට එරෙහිව වාරණ නියෝගයක්
ඇඟිලි සලකුණට එරෙහිව හෙද හෙදියන් සටනක

