රජයේ අනුමැතිය මත ක්‍රියාත්මක සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ අර්ධ රාජ්‍ය රෝහල් පැවැතීම පිළිබදව තමන් සතුටට පත්වෙන බවත් තම මිත්‍ර ගෝඨාභය සතුව පැවති බලතල යොදාගනිමින් ඒවා ඇතිකිරීම පිළිබඳ ස්තුති කරන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල් සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නව ප්‍රතිපත්ති රටට හදුන්වාදීම සදහා ගෝඨාභය වැනි පුද්ගලයින් රටට අවශ්‍ය බවත් ඔහු එක දුරකථන ඇමැතුමකින් මෙවැනි වැඩකටයුතු සිදු කළ බවත්ය.
එසේම ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මෙරටට විවෘත ආර්ථිකය හදුන්වා දුන්නේ ද එලෙසින්බවත් ඔහුද යම් තීරණයක් ගත්තා නම් කවුරුන් විරුද්ධ වුනත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අයෙකුවූ බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පුලුල් කිරීමට සදහා අවශ්‍ය පහසුකම් ද ලබාදෙන බවත් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කරමින් එම සේවාවන් නංවාලීමට කටයුතු කර ඇති බවත්ය.
තවද කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලය වැනි විශ්ව විද්‍යාල තවත් බිහිවීමෙන් විදේශීය සිසුන් බංගලාදේශයට හෝ නේපාලයට වෛද්‍ය අධ්‍යාපනය සදහා නොගොස් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහෙත් තවම ඒ දොරටු වසාගෙන සිටින බවත්ය.

