තාජුඩීන්ගේ වේගය කියා මහින්ද අනාගෙන !

තාජුඩීන්ගේ වේගය කියා මහින්ද අනාගෙන !

මතභේදයට තුඩු දී ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම ගැන කළකට පසුව විවෘතව අදහස් දක්වමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී තාජුඩීන් ගමන් කළ රථයේ වේගය පැයට කිලෝමීටර් 175ක පමණ තිබී ඇති බවය.

එවැනි වේගයකින් ධාවනය වන වාහනයක සිදුවන අනතුරකින් බේරීමට හැකියාවක් ඇත්තේ විශ්වකර්මයෙකුට හෝ නයිට් රයිඩර්ට බවද විපක්ෂනායක මහින්ද පවසා ඇත.

එහිදී වැඩිදුරටත් විපක්ෂ නායක මහින්ද මෙසේද පවසා තිබේ.

“කොහේ හරි ඇක්සිඩන්ට් එකක් වුණානම්. ඇක්සිඩන්ට් එකක් වෙලා කවුරු හරි මැරුණනම් ඒක කරලා තියෙන්නේ රාජපක්ෂලා. තාජුඩීන් ගැන කතා කරපු කතා කිරීම. හොඳටම දන්නව මේක ඇක්සිඩන්ට් එකක් කියලා. පැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන.

එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි. ඒක තමයි වේගය. ඒ වේගයට තල්ලු කරන්න පුළුවනම් නම්, මිනිහෙක් මරලා ඒකට දාලා ඒ වේගයෙන් තල්ලු කරන්න පුළුවන් නම් ඒකත් විශ්වකර්ම වැඩක්. මේ විදිහට පිළිගන්න බැරි දේවල් කිව්වේ.”

මහින්ද යළිත් තාජුඩීන්ව ගොඩගත්තා - රංජන්

 විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසන්නේ විපක්ෂනායක මහින්ද මහතා නැවත වරක් වසීම් තාජුඩීන් ගොඩගෙන ඇති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් විපක්ෂ නායක මහින්ද විසින් තාජුඩීන් "ඝාතනය" රිය අනතුරක් බවට පත්කරන්න සූදානම් වන බවක් පෙනෙන්නට ඇති අතර ඒ උත්සාහය හාස්‍යයෙන් යුතුව බැහැරකරන ප්‍රතිචාර සමාජ මාධ්‍ය ජාලා වලද දැක්වෙමින් තිබේ.

එසේම මේ පහත දැක්වෙන්නේ අදාළ සිදුවීම සම්බන්ධව ජනාධිපති සිරිසේන කලකට පෙර දැක්වූ ප්‍රතිචාරයකි.

54411841 10211477853736917 6211073037060538368 n

54239177 10218301624349836 3481186373409439744 n

Capture1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න