මන්ත්‍රී දුමින්ද අයවැයට පක්ෂයි : ජනාධිපති අපේක්ෂකත්වය ගැනත් කියයි !

මන්ත්‍රී දුමින්ද අයවැයට පක්ෂයි : ජනාධිපති අපේක්ෂකත්වය ගැනත් කියයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ නායක ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කටයුතු කරන ආණ්ඩුව ගෙනෙන අයවැයට විරුද්ධවීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ආණ්ඩුවේ ප‍්‍රධානියා හා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා බවත් ඔහු ප‍්‍රධානියා වන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අයවැයට විරුද්ද වීමට හැකියාවක් කොහෙත්ම නොමැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

එහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර අයවැය තුළ ජනාධිපතිගේ ප්‍රතිපාදන ඉතා ඉහළින් ලබාදී ඇති බවය. එසේම එහි කිසිඳු අඩුවක් නොමැති බවත් වැදගත් සහ යහපත් යෝජනා රැසක් මෙවර අයවැය තුල අන්තර්ගතව ඇති බැවින් තමන් සිටින්නේ විපක්ෂයේ නිසා කොහොමත් අයවැයට විරුද්ධ විය යුතුය යන ස්ථාවරයේ තමන් නොමැති බවද ඔහු පවසයි.

එහෙත් අයවැය යෝජනා අතර කිසියම් දෝෂයක් ඇත්නම් එය පෙන්වාදීම වරදක් නොවන බවද අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති අපේක්ෂකයා සිරිසේන !

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද ඔහු පැවසීය.

කිසියම් හෝ හේතුවකින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කළහොත් පමණක් ඒ සඳහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න