වත්මන් රජය කෙරෙහි ජිනීවා මානව හිමිකම් කොමිසම විශ්වාසය තබා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
කොළඹ ගලධාරි හෝටලයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.
ශ්‍රී ලංකාවට එල්ල කර ඇති මානව හිමිකම් චෝදනා විසදිම සදහා තවත් වසර 02 ක කාලයක් ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ලබාදීම පිළිබදව රජයේ අදහස කුමක් දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසනු ලැබිණ.
එම ප්‍රශ්ණයට පිළිතුරු ලබාදෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “රජයට මානව හිමිකම් කොමිසම මගින් තවත් වසර 02 ක කාලයක් ලබාදීම ලැබූ ජයග්‍රහණයක්. සියලු දෙනාම වත්මන් රජය මානව හිමිකම් කොමිසම හමුවේ කොටු කරන්න හැදුවා. නමුත් කොමිසම ශ්‍රී ලංකා රජය පිළිබද විශ්වාසයක් තබා වසර 02 ක කාලයක් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා ද වෙනම නියෝජිත පිරිසක් කොමිසමට යවන්න හැදුවා. නමුත් රජයේ නියෝජිත පිරිස කොමිසම හමුවේ නිවැරදිව කරුණු දක්වා තිබෙනවා. අපේ රජයට සතුරන් සිටින්නේ පිට විතරක් නොව ඇතුලත ද සිටින බව තේරුම් ගත යුතුයි. බාධක මැද රජය ප්‍රගතිශීලී ලෙස ජාතික ප්‍රශ්නය විසදිමට පියවර ගන්නවා.”
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ විපක්ෂ නායකවරයා දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන බවයි.ඔහුගේ දේශප්‍රේමය හදවතේ නොව වචන වල පමණක් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
– ප්‍රසන්න අධිකාරී

