සිරිසේන තනිවෙලා - ශ්‍රීලනිප නිවටයන් කෝ : බුද්ධදසගෙන් ගෝරනාඩුවක් !

සිරිසේන තනිවෙලා - ශ්‍රීලනිප නිවටයන් කෝ : බුද්ධදසගෙන් ගෝරනාඩුවක් !

රාජපක්ෂ පවුල එකතුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා වැනි නිවට මන්ත්‍රීවරුන් අද ජනාධිපති සිරිසේන ව තනිකර ඇති බව ශ්‍රීලනිප පාර්ශවයක් චෝදනා කරයි.

නිදහසට හරි මග නමින් ඔවුන් අද (21) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණ අතර ඒ සඳහා ජී.එච්. බුද්ධදාස, රජික කොඩිතුවක්කු ඇතුළු සාමාජිකයන් කිහිපදෙනෙක් සහභාගීව සිටියහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්තොම්බර් 26 වැනිදා අගමැතිකම ලබා ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිට මීලග ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී බවට පොරොන්දුවී යැයිද එහිදී ජී.එච්. බුද්දදාස මහතා පැවසීය.

නමුන් අද වන විට ජනාධිපතිවරයාට කොකා පෙන්වා මහින්ද රාජපක්‍ෂ මහකා විසින් විපක්‍ෂ නායක ධුරයද ගෙන ජනාධිපිත අපේක්‍ෂකත්වයද ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දී ඇති බවද ඔහු කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න