Language Switcher

V2025

5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න තීන්දුවක් ගත්තා - සිරිසේන

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති සිරිසේන පවසයි.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී ඊයේ (25) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති සිරිසේන පවසා ඇත්තේ සුපිරි පාසල් සඳහා තරගයක් අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ පාසල් සම්පත් වලින් ශක්තිමත් කිරීම බවත්ය. එසේම එහි වගකීම පාර්ලිමේන්තුව සහ පළාත් සභා නියෝජනය කරන මැති ඇමතිවරුන්ට තිබෙන බවද සඳහන් කර ඇත.