Language Switcher

V2025

හතරගාතේ වැටිලා තිබුණු අමාත්‍යංශය මම හදලා පෙන්වන්නම් - ඇමති රවී

"පවතින අධික උෂ්ණතවය මත විදුලි ඉල්ලුම 15% කින් වැඩිවෙලා. එමෙන්ම බලාගාරයන්හි දෝෂ සහගත තත්ත්වයන් නිසා යම් අභියෝගාත්මක වකවානුවකට විදුලි ක්ෂේත්‍රය පත්වෙලා. අප්‍රේල් මාසේ මැද වෙද්දි මේ තත්ත්වය සමනය වේවි. ඉල්ලුමේ යම් අඩුවක් ඇති වේවි. ඒ සමගම අපි තාවකාලිකව නව ජනන සැලැස්මකට යනවා. අපි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. තමන් අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරනවානම්, කප්පාදුවකට නොයා ඉන්න පුළුවන්. හිගයක් පවතිනවා. ඒක හංගන්න අවශ්‍ය නැහැ. නමුත් තිබෙන විදුලි ප්‍රමාණය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම්, අපිට ගැටළුවක් ඇති නොවේවි. අපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. සමහරු අහනවා ඇයි කියන්නේ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරන් දින 71 කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ. සරත් ෆොන්සේකා මහතා කිව්වේ එතුමාට එදා ලැබුණ යුධ හමුදාවේ අවස්ථාව තුළින්, තවත් කාටවත් අත්විදින්න නොදී යුද්ධය අවසන් කරලා තමයි තවත් කෙනෙකුට දෙන්නේ කියලා.. මමත් කියන්නේ මට දීලා තියෙන්නේ බිම් බෝම්බයක් වගේ අමාත්‍යාංශයක්. නමුත් මාස 02 ක් 03 ක් යද්දි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් මත කටයුතු කරලා, තවත් කිසිම අමාත්‍යවරයෙක්ට මේවගේ ප්‍රශ්න කවදාවත් ඇකි නොවන විදියට කටයුතු කරනවා' යැයි විදුලිබල.බලශක්ති සහ ව්‍යාපාර සංර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, පසුගියදා උතුරු කොළඹ ආසනයේ රැකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා සදහා මහන මැෂින් ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී පවුල් 30 ඉලක්ක කරගනිමින් මහන මැෂින් ලබාදීමද සිදුකරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක අමාත්‍යවරයා,

2015 දී මට ලැබුණේ දණ ගහලා, වට්ටලා තිබුණ අමාරු අමාත්‍යාශයක්. මේ පාරත් මට ලැබුණේ යටිතල පහසුකම් අතින් අමාරුම අමාත්‍යාංශයක්. නමුත් අහිංක කජනතාවට වැඩියෙන් උදව් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. සතියක්, දෙකක්, තුනක් මට බනීවි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීලා නැහැ මේතාක් කාලයකට. දැන් තමයි අපි ඒ තත්ත්වය ගොඩනගාගෙන යන්නේ. නමුත් අපි හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා යෝග්‍ය දීර්ඝ ජනන සැලැස්මකටයි අපි යන්නේ "

"ස්වයං සම්පතක් ඇතිව, තමාගේ සහජ හැකියාන් උපයෝගී කරගනිමින්, ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ අවස්ථාවක් උදා කරලා දෙන්නයි අපි උත්සාහ කරන්නේ. මේක තමයි හොදම දේ. අද බොහෝ දෙනා බලන් ඉන්නේ මොකක්ද නිකන් ගන්න පුළුවන් කියලා. නමුත් දෙයක් නිකන් ලබාගන්නවාට වඩා, තමන්ගේ උත්සාහයෙන්, ශක්තියෙන් උපයා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. චීනයේ කන්ෆියුසර්ස් පඩිවරයා කිව්වේ, මාළු දෙනවාට වඩා බිලී පිත්තක් දෙන එකයි වැදගත් කියලා. එවැනි දෙයක් තමයි අද මේ කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ආසනයේ සෑම නිවාස පියස්සක්ම විදුලිබලාගාරයක් කරන්න මම කටයුතු කරනවා. අපි සද්ද නැතිව සංවර්ධන කටයුතු කරනවා. අපි රු. 1000ක වැඩ කළොත්, ඒකෙන් රු. 999 කටම ලැබෙන්නේ බැනුම්. එක රුපියලක තමයි ප්‍රශංසා ලැබෙන්නේ. නමුත් පසුගිය වකවානුවේ තිබුණේ මේ ක්‍රමයේ අනෙක් පැත්ත. අපිව විශ්වාස කරන්න. අදට වඩා හොද හෙටක් ගතකරන්න පුළුවන් වාතාවරණයක් අපි හදනවා. ජීවන වියදම අඩු වෙලා නැහැ. නමුත් ආදායම් මාර්ග වැඩිවෙලා තිබෙනවා. එදා වගේ අද සුදු වෑන් එන්නේ නැහැ. බයෙන් ජීවත් වියයුතු නැහැ. අද ඕනැම කෙනෙක්ව විවේචනය කරන්න, බනින්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනස. එදා ඩී.එස්. සේනානායක වසර 71 කට කලින් නිදහස ලබාත්තේ විහිළු කරන්න නෙමෙයි. සුද්දාගෙන රට බේරගන්න වෙලාවේ කිව්වේ උන්ට වැඩිය හොදෙට වැඩ කරනවා කියලා. නමුත් අපට නිදහස ලැබුණට තවමත් ආර්ථික නිදහසක් ලැබිලා නැහැ. දැන්වත් අපි එකුතවෙලා රට ඉදිරියට ගෙනියමු. අදුරට ශාප නොකර, රට සංවර්ධනය කරන්න කටයුතු කරමු.

මම වසර 11 කට කලින් මේ උතුරු කොළඹ ආසනය බාරගන්න අවස්ථාවේදී, මේ ආසනය තමයි දුගී දුප්පත්ම අසරණම වෙලා තිබුණ ආසනය. නමුත් මේ ප්‍රදේශයේ ජනතාවගේ හදවත් ගොඩාක් සංවේදී, ඒ පැත්තෙන් පොහොසත්ම ආසනයක්. මම මේ ප්‍රදේශයේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු කොටස් එක්සේසත් කරලා, ප්‍රදේශය සංවර්ධනය කරන්නයි බාර ගත්තේ. ඒ කාර්යය මම යටිතල පහසුකම් වලින් ආරම්භ කළා. අනෙක් ආසනවලට වඩා ගෙවල් වැඩියෙන්ම ලබල දුන්න ආසනය තමයි උතුරු කොළඹ. ඒ වගේම තමයි පාරවල්. මේ පාරවල් වල වාහන යනවාට වඩා බෝට්ටු සේවයක් දැම්ම නම් හොදයි. හැමදාම අපි ඉලනවා මේක අංගසම්පූර්ණ කරන්න පුළුවන් කියලා. එක පාරක් ජලනල වෙනුවෙන් පාර කඩනවා. ඊට පස්සේ විදුලිය වෙනුවෙන් පාර කඩනවා. ආයෙමත් ටෙලිකොම් එකෙන් පාර කඩනවා. දැන් පෝර්ට්සිටි නිසාත් පාර කඩනවා. අන්න එහෙමයි අපේ රටේ සංවර්ධනය. කිසිම ඉදිරි දැක්මක් නැතිව, සැලැස්මක් නැතිව තමයි මේ රටේ වැඩ කෙරෙන්නේ. නමුත් අපි කොළඹ නගරසභාවේ තීන්දු කරලා තිබෙනවා මින් පසුව යටිතල පහසුකම්වලට හැම දවසෙම කඩන්නේ නැතිව සැලසුම් සහගතව කටයුතු කරන්න කියලා. අපි වෙනසක් ඇති කරනවාල. ලෝකයේ සෙසු රටවල් අතරින් වැඩිම රජයේ නිලධාරීන් සිටින රට ශ්‍රී ලංකාවයි. නමුත් ලැබෙන ප්‍රථිලාභය කුමක්ද. රටේ ආදායම 45% ක් යන්නේ රජයේ සේවකයන්ට. විශ්‍රාම වැටුපෙන් තවත් 20% ක් යනවා. ඉදිරියටවත් මේ ක්‍රමයේ වෙනසක් ඇති වෙනවානම් හොදයි. ජීවන වියදම අඩු කරනවාට වඩා, ආදායම් උත්පාදන ක්‍රම වැඩි කරනවානම් ජන ජීවිත මීට වඩා සංවර්ධනය කරන්න හැකි වේවි යැයි පැවසීය.

ravi swayan 2