තමන් කිසිදු දෙගිඩියාවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ සටනේ ඉදිරියේම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩි.ජේ. සෙනවිරත්න පවසයි.
රත්නපුර නිවිතිගල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබේ.
ජනාධිපති සිරිසේනගේ ඉල්ලීම ට ජනතාවට වැඩක් කිරීමට සිතා යහපාලන ආණ්ඩුවට එක්වුවත් මාස6-7 යන විට ඒ බලාපොරොත්තු නැතිවූ බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගෙන ආණ්ඩුවෙන් ඉවත් වූයේ ඒ නිසා බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
එසේම තමන් දැන් කිසිම දෙගිඩියාවකින් තොරව නියෝජනය කරන්නේ පොහොට්ටුව බවත් රට හදන්න හැකි ඊලඟ නායකයා ගෝඨාභය මහතා බැවින් ඔහුව ජනාධිපති කිරීමට ජනතාව සූදානම් වියයුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

