ජනාධිපතිවරණයට ජවිපෙ අපේක්ෂකයකු එනවා - ටිල්වින්

ජනාධිපතිවරණයට ජවිපෙ අපේක්ෂකයකු එනවා - ටිල්වින්

ඉදිරි ජනපතිවරණය නොවැළැක්විය හැකි හේතුවක් මත පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ දෙකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් තියන්න බෑ. මොකද දැන් ඉන්න ජනාධිපතිත් හිටපු ජනපතිවරුත් තමන්ගේ කාලය තුළ විධායක ජනපතිධුරය අහෝසි කරනවා කියලා පොරොන්දු වුණ කට්ටිය.

දැන් අපි විස්ස ගෙනත් තියෙන්නේ. මේ මාර්තු මාසයේදි 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් වුණා.

විසිවැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් තියෙනවා. ශ්‍රේෂ්ටාධිකරණය අපිට කිව්වා 20 වැනි සංශෝධනය සම්මත කර ගන්නවානම් පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙක හා ජනමත විචාරණයකින් මේක සම්මත කර ගන්න ඕන කියලා.

ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන කිසිවක් මෙතෙක් ජනතාව අනුමත කරපුවා නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කියනවා ජනතාවට අයිතිය දෙන්න. මේක පාර්ලිමේන්තුවේ අහෝසි කරන්න එපා.

ජනතා විමුක්ති පෙරමුණ තවමත් උත්සාහ කරමින් ඉන්නේ මේක අහෝසි කර ගන්න. හැබැයි ඒක වෙනුවෙන් බලා ඉන්න කාලයට සිමාවක් තියෙනවා. අපි ඊළඟ ජනපතිවරණය දවස වෙන තෙක් මේක පස්සේ යන්නේ නෑ.

අපි මැයි මාසය වන විට තීන්දුවක් ගන්නවා මොකක්ද? අපේ රටේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමට සූදානම් නැත්නම්, නොවැලැක්විය හැකි හේතුවක් මත අපිට ජනාධිපතිවරණයක් එනවනම් අපි ඉතා පැහැදිලිව කියනවා මේ හොරකල්ලි දෙකටම එරෙහිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ලේසියෙන් දිනන්න ඉන්නවම් ඒක හරියන්නේ නෑ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න